" නෝවා අපි ආපහු යමු නෝවා..මොනවද තවත් බලාගෙන ඉන්නෙ මූ අපිව එක කටට කාලා දායි ""....."
"අපි යමු නෝවා "
මම නෝවාට ආපහු යමු කියුවත් නෝවා මාව ඇහෙන්නෑ වගෙ ඒ වුල්ෆ් දිහා බලාගෙන හිටියෙ ඇසිපියවත් ගහන්නැතුවයි.
" අහ් උබට දුවලා ඇති වුනාද ඔමේගා."
මගෙ පිටිපස්සෙන් දුවගෙන ආපු කින්ග් ඇස්බැමි අතරින් මන් දිහා බලාගෙන කතාකරේ මොකක් නමුත් ඒ කලු ඇස් ආශාවෙන් දිලිසෙද්දියි.
" දැන් ඇති ආශු අපි පැක් එකට යමු "
කින්ග් මගෙ ලගට ඇවිත් නෝවගෙ ඔලුවට අත තියන්න ගියත් මගෙ ඉස්සරහින් හිටපු කලු වුල්ෆ් ගැබුරු ගෙරවුම් හඩක් පිටකරේ මට අතතියන්න ගියපු කින්ග් පවා ඒ හඩට බයවෙලා අර වුල්ෆ් දිහා බලද්දියි.
" ඇ..ඇල්ෆා..."
නෝවගෙ හඩින් නිරායාසයෙන් වගේ මට ඒ නම ඇහෙද්දි නොවා මගෙ පාලනේ අරගෙන ඉස්සරහ හිටපු ලොකු වුල්ෆ් ලගට දුවන්න ගත්තෙ මට පිටුපසින් හිටපු කින්ග් පවා ඒ වුල්ෆ් දිහා ඇස් ලොකු කරන් බලන් ඉද්දියි.
" ම්ම්ම් ඒ මගෙ ඇල්ෆා තමයි නෝවා මට එයාව දැනෙනවා."
නෝවා මන් කියන දේ ඇහෙන්නෑවගේ ඒ ලොකු වුල්ෆ්ගෙ බඩ යටට ගිහින් අපෙ පිටිපස්සෙන් හිටපු කින්ග් දිහා බලලා ඒ ලොකු වුල්ෆ්ගෙ බෙල්ල ලෙවකෑවා.
" ආශු ඔය සතාගෙන් අහකට වෙයන්. උබෙ වුල්ෆ් කියන එක විස්වාසය කරලා මරු කටටද යන්න ඕනි. "
කින්ග් අර ලොකු වුල්ෆ් ව ගනන් ගන්නැතුව ඒ වුල්ෆ් ගෙ බඩයටට වෙලා ඉන්න නෝවා දිහා බලාගෙන කතාකරද්දි ඒ ලොකු වුල්ෆ් අපිව පහුකරගෙන කින්ග් ලගට ගියෙ මනුස්ස ස්වරූපයට ශිෆ්ට් වෙන ගමනුයි.
උරහිස් ලගට දිග කොන්ඩෙ උඩට පීරලා හාෆ් පෝනිටේල් එකක් දාගෙන කලු බූල් පිරුනු කොලර් එකක් තියන දනිස් ලගට දිග කෝට් එකක් වගේම කලු ට්‍රවුසර් එකක් බූට් දෙකක් දාගෙන හිටපු ඒ කලු වුල්ෆ්ගෙ මනුස්ස රූපෙ මට මතක ඇති රූපයක් මතක් කරා.
මනුස්ස රූපෙන් ඉන්න වුල්ෆ් ඉස්සරහින් කින්ග් හිටගෙන ඉද්දි මමත් ට්‍රවුසර් එක අරගෙන ගහක් පිටිපස්සට ගිහින් ශිෆ්ට් වෙලා එද්දි මම දැක්කෙ කින්ග් වගේම තව කෙනෙක් කින්ග් ඉස්සරහින් හිටගෙන ඉන්නවා. ඒදෙන්නා එකම වගේ ඇදුම් පවා දැන් එක විදිහයි හරියට කන්නාඩියෙන් තමන්ගෙම ප්‍රතිබිම්බය බලන් ඉන්නවා වගේ.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Kurt Adamපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...