Part 30

48 8 0
                                    


"හෙලෝ...කවුරු හරි ඉන්නවද. මන් ඇතුලට එන්නද "

"කවුරුත් නැද්ද.."

කවුරුත් පේන්න නොහිටිය හින්දා මම ආපහු හැරිලා යන්න ගියත් කලු පාට දුමක් එක්ක මතුවුනු රූපයක් මාව නැවැත්තුවා.

"ආපු කාරනාව කියුවනම් "

කලු ලෝගුවක් ඇදගෙන ඒ ලෝගුවෙන් ම මූ නෙ මැදක් වෙනක්ම් වහගෙන හිටපු කෙනා මට කතා කරද්දි මම එයාගෙ අතේ නයෙක් ගෙ හැඩයෙන් තිබුනු යශ්ටිය දිහා බලාගෙන උත්තර දුන්නා.

"ඔයා ශීර්ශා නේද "

"ඔව් ලූනා මන් ශීර්ශා තමයි.  ම්ම්ම් මන් මේ වැඩේ ලේසි කරන්නම් කො.
       #ලුසිෆර් ද
      #දරුවද
     # වෘක ආත්මෙ ද"

"මොකක්..?"

"මන් ඇහුවෙ ඔබට නැති කරන්න ඕනි ලුසිෆර් වද, දරුවෙක් ලැබෙන හැකියාවද, නැත්තම් ඔය ඇග ඇතුලෙ තියන වෘක ආත්මෙද "

"ද...දරුව ව "

"ඒ කියන්නේ ඔබ ලුසිෆර්ව වගේම වෘක ආත්මය පිලිගන්නවා "

මන් මෙතෙන්න ආවෙ හේතුවක් ඇතුව මට මගෙ වෘක ආත්මෙ නැති කරගන්න බෑ එහෙම උනොත් අකේන් අයියගෙත් තුශෙල් අයියාගෙත් ජීවිත වලට අනතුරක් වෙන්න පුලුවන්. මොකද අපෙ ආත්ම තුන බැදිලා තියන නිසා. ලුසිෆර් නැතිකරන්න. අකේන් අයියා කියපු දේවල් එක්ක ලුසිෆර් කියන්නෙත් ඒ දෙන්නගෙම කොටස් වල එකතුවක් අනික ලුසිෆර් තමයි මගෙ මේට්. මෙතනදි අවදානම වැඩිම දේ තමයි මට දරුවෙක් ලැබෙන එක. ඒ නිසා ලුසිෆර් රාක්ශයෙක් වෙන්න පුලුවන් ශාපය දිගටම තියෙන්න පුලුවන්. ඉතින් හිතන්න දෙයක් නෑ මන් ලගට එන්න හිතලවත් නැති දරුවෙක් ගැන මන් මොනවට හිතන්නද. ඊටවඩා මට ජීවත් වෙලා ඉන්න අයව වටිනවා.

"එහෙනම් ඒකයි අන්තිම තීරනේ..."

"ඔව් මට දරුවෙක් ලැබෙන එක නතර කරගන්න ඕනි. මේ ශාපය නැති කරන්න වෙන විකල්පයක් නෑනෙ."

ශීර්ශා එයාගේ කාමරේ කෙලවර තිබුනු පොත් රාක්කයේ එක එක පාට වීදුරු බෝතල් කීපයක් අරගෙන තව හිස් බෝතලයකුත් අරගෙන ලී මේසේ උඩට ගිහින් මොනවදෝ මතුරන ගමන් බෝතල් වල තිබුනු දේවල් හිස් බෝතලේට ටික ටික වත් කරා..

Super Moon 🐺🐾BL Where stories live. Discover now