"ආශු.."
"ම්ම්ම් ගුම්මෝනිම් අයියේ.."
"යමු අද ඔයා ගෙදර යන දවසනේ "
"මම විතරද අපි හැමෝම ගෙදර යන දවස"
"ඒත් මට ගෙදරක් නෑනේ නේශ්. මේ තමයි ඉතින් මගේ ගෙදර "
'" ඇයි එහෙම කියන්නෙ "
මම අවදිවෙලා තුශෙල් අයියා එක්ක කතා කරන ගමන් බෑග් එක හදාගත්තා.
"ඒත් ඔයා කොහොමද හැමදාම රෑට මන් ගාවට ආවෙ "
"අමතක උනාද නේශ් මට ටෙලිපෝට් වෙන්න පුලුවන් "
"ඒ මේ මාවත් ටෙලිපෝට් කරනවකෝ අයියේ."
"උබට මාව මැජික් කාරයෙක් වගේද පේන්නේ. බෑග් එක හදන් ඉවර නම් යමුද "
"මේ අයියේ..."
" ම්ම් කියන්න "
"එක්කො පස්සෙ කියන්නම් "
"මොකක්ද "
"පස්සෙ කියන්නම් කිව්වනේ දැන් මේ කූඩාරම පැක් කරමු එන්න "
අපි ඔක්කොම ලෑස්ති කරගෙන ආයේ කැලෑ පාරෙන්ම අපි හිටපු ෆ්ලැට් එකට ඇවිත් වොශ් දාගෙන කෑමත් කාලා එහෙන් පිටත් උනා.
මේපාර නම් චානා මාවයි ක්‍රිශ් අයියවයි ඇදන් ගිහින් බස් එකේ පිටිපස්සෙම් ශීට් එකේ ඉදගත්තා. ඌ තුශෙල් අයියට බය නිසා එයා එක්ක වැඩිය නෑ ඉතිම්. අපෙ පිටිපස්සෙම ආපු තුශෙල් අයියාත් පිටිපස්සෙම ශීට් එකේ ජනේලේ අයිනේ ශීට් එකේ වාඩිවෙලා ජනේලේ ඇරලා එලිය බලන් හිටියා.
අනිත් අයත් බස් එකට නැංගා මන් දැක්කා සුහාස් ලා පිටිපස්සෙම ශීට් එක ගන්න ඇවිත් ඊට ඉස්සරහින් තිබ්බ ශීට් එකේ ඉදගත්තා. හැබැයි සුහාස් ගෙ ඇස් නම් තිබුනෙ මගෙ එහාපැත්තේ ඉදන් හිටපු චානා ලගයි. මට අනිත් පැත්තෙ ඉදන් එලිය බලන් හිටිය තුශෙල් අයියා ලගයි. මමත් සුහාස් ව දැක්කෙ නෑ වගේ ජනේලෙන් එහා පැත්ත බලාගත්තා.
"අඩෝ නේශ් සින්දුවක් කියපන් කො බන් මොකාදෝ වගේ ඉන්නේ"
චානා අනිත් උන් එක්ක නටනටා සින්දු කිව්වත් මන් කරේ ඉදන් ඉදලම උන්ට සප් එක දුන්න එකයි. මේක දැකලා කොහෙන්දෝ උස්සන් ආපු ගිටාර් එකකුත් අරන් චානා මගෙ එහා පැත්තෙ ඉදගත්තා.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...