මම තනි වචනෙන් උත්තර දුන්නේ මීට විනාඩි ගානකට කලින් අපි අතරෙ උන දේ ගැන මතක්වෙලා ඇතිවුන ලැජ්ජාවට මයි.
"අහ් හරි මන් සබ්ජෙක්ට් තුනේම පාස්පේපස් ගත්තා "
"මේ අයියේ ඉස්සලා උන දේට ම්ම් සොරි මට මාව කන්ට්‍රෝල් නැති වු..."
මන් වචන අහුලන ගමන් කියන් ගියපු දේ එතනින්ම නතර වෙලා ගියේ තුශෙල් අයියා මන් ලගට ඇවිත් මගෙ තොල් වලින් කෙටි හාදුවක් තියනකොටයි.
" ඇයි සමාවගන්නේ.. උබට මාව පිටඑකෙක්ද ආශු. ආදරේ කරන දෙන්නෙක් අතරේ ඒ දේවල් සාමාන්‍යයි. තමන් වැඩියෙන්ම ආදරේ කරන තමන් තොරගත්තු කෙනා ඉස්සරහා සීමා මායිම් මොකටද ආදරේට සීමා නෑ ආශු. ඒත් ඒදේවල් පියවරෙන් පියවර ඉස්සරහට යද්දි තමයි වටිනාකම වැඩි වැඩි වෙන්නේ.
මට ඕනිනම් දැන් උනත් මේ ගතවෙන මිනිත්තුවෙදි උනත් උබව මගේ කරගන්න පුලුවන් ආශු. ඒත් එතන කොහෙන්ද පැවැත්මක් කොහෙන්ද ඒ දේට වටිනා කමක්. මන් උබේ හැම දේටම හරි ලෝබයි ආශු. "තුශෙල් අයියා මාව එයාගෙ ලගින්ම වාඩිකරන් කියපු ඒ වචන ටික. මගෙ ඇස්වල කදුලු ආයෙ ආයෙත් අලුත් කරන්න සමත් වුනා. මන් ඕනතරම් දැකලා අහලා තියනවා ක්ලාස් යනවා කියලා ස්කෝලෙ යනවා කියලා තමන් යාලුවෙලා ඉන්න කොල්ල හෝ කෙල්ල එක්ක රූම් යන අපෙ වයසෙ වගේම වයසින් බාල පොඩි නංගිලා මල්ලිලා ගැනත්. ඉතින් එක මෙහොතක ආශ්වාදයකට තමන්ගේ වටිනාම දේවල් රුපියල් දෙදාස් පන්සීයක තුන්දාහක රූම් එකකට බිත්ති හතරක් ඇතුලෙදි නැති කරගන්න එක. හැගීම් වලට වහල් වෙලා තමන්ගෙ වටිනාකම් නැතිකරගන්න , නැති කරගත්තු හැමෝටම දවසක ඒ ගැන පසුතැවෙනවා. ඒ වගේ මිනිස්සුන්ව අනාත කරන සමාජයක තුශෙල් අයියා වගේ චරිතත් ඉන්නවා නේද කියලා හිතෙද්දි. 18 වෙනි උපන්දිනේ දවසෙ දෙවියන්ට ගන්න කියපු මේ ජීවිතේ කොච්චර නම් වාසනාවන්ත කියලා මට හිතුනා.
මන් හිත හිතා ඉන්න බව දැකල තුශෙල් අයියා මගේ කදුලු පිහලා ඇස්වලින් ඇයි කියලා ඉගිකරේ එදා මම අනවසරයෙන් මගෙ හිත කියවන්න එපා කියලා තුශෙල් අයියාගෙන් පොරොන්දුවක් ගත්තු නිසයි.
"ආදරේ හිතෙනවා..."
මන් තුශෙල් අයියාගෙ ඇස් දිහාම බලන් කියද්දි ඒ ඇස් දිලිසෙන බව මම හොදටම දැක්කා.ඒත් එක්කම පැක් එකේ ඇල්ෆා කින්ග් මන් ඉස්සරහා රතුවෙලා ඉන්න හැටි දැක්කාම මට හිනාගියේ ඒ රොමෑන්ටික් පීරියඩ් එකම විනාස කරලයි.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...