මම අග්නි වලල්ල ඇතුලට ඇතුල් වෙන්න කලින් ආපහු හැරිලා කින්ග් දිහා බැලුවත් ඒ මූනේ වෙනසක් තිබුනෙ නෑ.මන් අග්නි වලල්ලට අඩිය තියද්දි ඒකේ ගින්දර ඈත්වෙලා ඒ මැදට යන්න ඉඩ හදලා දුන්නා. අග්නි පූජාව සම්පූර්ණ වෙන්න නම් ගින්න නිවෙනකම් ගිනි වලල්ල මැද හිටගෙන තමන්ගෙ මේට් ගැන හිතන්න ඕනි. ඒක බාවනාවක් වගේ හිත පිරිසිදු කරගන වැඩක්.
මම ගිනිවලල්ල මැදට අනතුරක් නැතිව ගියත් ඒ මැද තිබුනු අගුරු වලට මගෙ කකුල් පිච්චුනා. ඒ වේදනාවත් එක්කම මම ගින්න මැද හිටගද්දි මගෙ ඇදුමටත් ගිනි ඇවිලෙන්න පටන්නකොටයි මට කරගත්තු මෝඩකමේ තරම තේරුනේ . මම අතින් ගිනි ඇවිලීගෙන එන ශර්ට් එක නිවන්න උත්සහ කරත් ශර්ට් එකේ පිලිස්සුන තැන මගෙ අතේ ඇලවිලා ලොකු වේදනාවක් ගෙනාවා. මන් ඔකෝමත් තියලා අග්නි වලල්ලෙන් එලියට එන්න හැදුවත් ඒ වලල්ල කලින්ටත් වඩා ලොකුවෙලා තිබුනා මන් ගිනි දැල් අතරින් කින්ග් ව හෙව්වත් එයා පේන්න හිටියෙ නෑ. "සමහර විට මන් ගින්නට පිච්චෙන නිසා එයා යන්න ඇති "කින්ග් පේන්න නැති නිසා මන් එහෙම හිතද්දි ගින්නෙන් හමට හානියක් නොවෙන්න සම්පූර්ණ ශර්ට් එක ගිනිගෙන දූවිල්ලක් වෙලා ගිනි පුපුරු පාවෙලා ගියා. මගෙ කකුල් දෙක අගුරු වලින් පිච්චිලා තුවාල වෙලා ඒ පිලිස්සුම් වේදනා වට මන් කෑගැහුවත් කිසිම වෙනසක් නොවී වේදනාව වැඩිවෙන තරමට ඒ මායා ගිනි දැල් වල රස්නෙ වැඩි වුනා.
වේදනාව දරාගන්න බැරි ප්නිසාම මන් ගිනි ගොඩට ඇදවැටෙද්දි සම්පූර්න ගිනි ජාලාවකින් මාව වහ ගත්තේ මන් ඇස් වහගෙන අන්තිම වතාවෙවත් ලුසිෆර් ඇවිත මාව බේරගනී කියන බලාපොරොත්තුවෙන්. ඔව් ඒ වෙලවෙ මට අකේන් අයියවත් තුශෙල් අයියාවත් මතකෙට ආවෙනෑ අඩුම මන් ඒ වෙලාවෙ ඇල්ෆා කින්ග් ගැනවත් හිතන්නැතුව ප්‍රාර්ථනා කරේ ලුසිෆර් ව. ගිනි දැල් නිසා එන්න එන්නම මගෙ අත් කොන්ඩෙ පිච්චෙනවා දැනෙද්දි මන් ඇස් වහගෙන ගිනිගොඩේ ගුලි වුනේ ලුසිෆර්ගෙ රතු ඇස් හිත ඇතුලෙන් මැවිලා පෙනෙද්දියි. ගිනි ජාලාවෙන් මගෙ ඇගේ මතුපිට හම පිච්චිලා කලුවෙලා තියෙද්දි වේදනාවෙන්ම මන් බෙල්ලට අත තියලා වැම්පයර් මාර්ක් එක තියන තැන බැලුවා. එතන තවමත් ඒ මාර්ක් එක තියනවා මුලු ඇගම ගිනිගද්දි මාර්ක් කරපු තැන තාමත් ඒ විදිහටම තියනවා.
YOU ARE READING
Super Moon 🐺🐾BL
مستذئبපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...