"ආශු.."
"ම්ම්ම් "
"මන් උබට ආදරෙයි බන් "
"මාත්..."
මන් කියන්න ගියදේ එතනම නතර වුනේ තුශෙල් අයියාගෙ ඇස් වල පාට වෙනස් වෙනවත් එක්කමයි.
ඒ තද දම්පාට ඇස් රතුපාටට හැරිලා ඒත් එක්කම තදකොලපාටට හැරුනේ මගෙ හුස්මගෙන්න වේගෙත් වැඩි කරලයි.
"ආශු..."
"ඕමෝ... මන් බය උනා අකේන් අයියේ ලුසිෆර් එන්න නේද ගියේ."
" ම්ම්ම් ඔව් තව ටික දවසකින් ලුසිෆර් මේ පාලනය ගනී."
" එතකොට... "
"ඉතින් නවත්තපු තැනින් පටන් ගමුද "
ආයෙත් ඒ ඇස් තද දම්පාට උනේ මන් බලන් ඉද්දිමයි.
තුශෙල් අයියා මම වචනයක් කියන්නත් කලින් ඒ අත්වලින් මාව ස්පර්ශ කරන ගමන් ආයෙත් මගෙ දෙතොල් අල්ලගත්තේ මට තිබුනු ප්‍රශ්නත් ඒත් එක්කම අමතක වෙද්දියි. සමහර විට මේ ආත්ම මාරුවීම තුශෙල් අයියා ට නොදැනී ද වෙනව ඇත්තේ.
විනාඩි ගානකට පස්සෙ තුශෙල් අයියා ඒ ගැබුරු හාදුව එකපාර නැවතුනේ මාවත් එයාගෙන් ඈත් කරන ගමන් මගෙ නිරුවත් උඩුකය දිහා බයවෙලා වගේ බලන් ඉන්න ගමනුයි.
"තුශෙ...අකේන් අයියේ ඇයි මේ "
ඒ ඇස් දිහා බලද්දි ඒවා තද කොලපාට වෙලා තිබුනා. තුශෙල් අයියා එක්ක මේ දේවල් සාමාන්‍ය වුනාට අකේන් අයිය එක්ක මම මෙහෙම ඉදල නෑ. තුශෙල් අයියාගෙ ඒ දගකාර අත්වලට හුරුවෙලා හිටිය මට ඒ උනුහුම අකේන් අයියා ගාවදි හුරුනැ.
සමහර විට ඒකට හේතුවක් නෑ ඒත් මගෙ අදහස් කියන්න මගේ හිතේ තියන ඕනෙම දෙයක් මට අකේන් අයියට විවෘතව කියන්න පුලුවන් වුනාට තුශෙල් අයියාට මම හිතෙන හැම දේම කියන්න ගියෙ නෑ.
ඒවගේම තුශෙල් අයියා එක්ක කිස් එකකට වඩා ඕනම දුරක් යන්න මට පුලුවන් වුනත් අකේන් අයියා ලගදි මට ඒක කරන්න බෑ මට දැනෙන්නේ බයක් ද, ගෞරවයක් ද හේතුවක් නැතුව වුනත් ඒ දේ එහෙමයි.
මන් දිහ බය වෙලා වගේ බලන් ඉන්න අකේන් අයියගෙ ඒ කොල ඇස් දිහා බලාගෙනම එයාගෙ බෙල්ල වටේ අත්වලින් බදාගෙන ඒ දෙතොල් අල්ලගත්තේ දැන් මට මේ දෙන්නම එක්කෙනෙක් බව පෙන්නන ඕනි නිසයි.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...