Part 38

40 7 2
                                    

මන් හොස්ටල් රූම් එකට ඇවිත් මුලින්ම කරේ මගෙ මේසෙ උඩ තියන බෙහෙත් බෝතලේ අතට ගත්තු එක. රූම් එකට එන හැම වතාවෙම ඇයි මට මේ බෝතලෙ ගැන වදකාරී හැගීමක් එන්නෙ. සමහරවිට ඒ මන් හොරවැඩක් කරන නිසාවද්ද.

කින්ග් කියුව විදියට අදුරු මායාවෙ ගුරුවරිය ශීර්ශා නම්, මම ගත්තු  බෙහෙත්. ඒවත් අදුරු මායාවෙන් මගෙ ඉස්සරහම හදපුවානෙ. එතකොට මන් මේ බෙහෙත් වලින් කරන්නෙත් අදුරු මායාව ඇගට ඇතුල් කරගන්න එකම නේද.

මන් මගෙන් ම ප්‍රශ්න කරන ගමන් බෙහෙත් බෝතලේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම පෙති ටික අතට ගත්තා. එතන ශීර්ශා දුන්න බෙහෙත් පෙති තිහෙන් විස්සක් විතරම ඉතුරු වෙලා තිබුනා.ඒ ඉතුරු බෙහෙත් පෙති ටිකත් අරගෙන මම බාතෲම් එකට ඇවිත් සින්ක් එක ඉස්සරහ හිටගෙන කන්නාඩියෙන් පේන මගෙ රූපෙ දිහාම බලන් හිටියා.

" මන් දන්නෑ මන් මේ කරන දේ හරිද වැරදිද කියලා. ඒත් අනාගතේ වෙයි කියලා හිතන දේවල් නිසා මට බෑ මගෙ වර්තමාන ජීවිතෙ වගේම කින්ග් ගෙ ජීවිතෙ අනතුරේ දාන්න. "

"එහෙනම් ඔයාට ඕනි, තමන්ගෙ මේට් අතින් දරුවත් එක්කම ජීවිතේ පූජාකරපු වීර වෙයාවුල්ෆ් වෙන්නද "

" එහෙම නෙවේ මන් කියන්නෙ. මේ දේවල් වලට තියන එකම උත්තරේ ඒකද. අකේන් අයියා මාව ශීර්ශා ලගට යැව්ව එක එතකොට එයාට කියලා අදුරු මායාවෙන් හදපු බෙහෙත් දුන්න එක. ඒ දේවල් හරි හොද වැඩද . ඒ ඔක්කොම බොරු දේවල් අකේන් අයියා කියපු දේවල් හැම එකක් ම බොරු. ඉතින් මේ ශාපෙ කතාවත් බොරුවක් වෙන්න බැයිද "

"ඔයා කියන්නෙ අකේන් අයියා අපිට බොරු කරා කියලද. එක දවසක් මන් කියන්නෙ එකම එක දවසක් විතරක් හම්බුන කින්ග් කියන දේ විශ්වාස කරලා ඔයා අකේන් අයියව බොරු කාරයෙක් කරනවද. "

" මේ වෙන දේවල් එක්ක මට විශ්වාස කරන්න පුලුවන් කින්ග්ව විතරයි. කවුරු මොන දේ කියුවත් කින්ග් තමයි මගේ මේට් ඉතින් එයා මට වරදක් කරයිද "

"වරදක් නොකරයි කියලත් විශ්වාස ද. සිහියට වරෙන් හැගිම් වලට වහල් නොවී මේදේවල් ගැන මොලෙන් හිතපන් "

"ඔයා කියන්නෙ කින්ග් බොරු කියනවා කියලද "

" කින්ග්ට ඕනි දේ කරගත්තාම උබව අත් අරිනවා ආශු. අකේන් අයියව විශ්වාස කරන්න "

Super Moon 🐺🐾BL Where stories live. Discover now