Part 02

171 20 2
                                    

ඔ..ඔයා ක..කව්ද  ඇයි ඔයා ම..මන්ගාව ඉන්නේ ඔයා හො..හොල්මනක් නෙවේ නේද..

ඊයේ වගේම අදත් මගෙ ඇග උඩ කවුරු හරි මාව හග් කරන් ඉන්නවා මට දැනුනා ඉතින් මන් ඇස් වහන් ඉද්දිම එයාට කතා කරා. ඒත් එයා මාත් එක්ක කතාකරේ නෑ ඒ තරම් විශාලා දේහදාරී ඇගක් නම් මට මීටකලින් හම්බුන මනුස්සයෙක්ට තිබිලා නෑ. එයාගෙ මූන මගෙ බෙල්ල අස්සෙ වෙද්දි එක කකුලක් මගෙ කකුල් අතරට මැදි වෙලා තිබ්බා.ඒ කකුල් පවා විශාල බව මට දැනුනත් මන් ඇස් නොහැරම එයාව අල්ලන ට්‍රයි කරා.

ඔව් මට එයාව අල්ලන්න පුලුවන් උනා ඒ ශක්තිමත් පිට දිගේ මන් අත් අරන් ගියා ඒ හම හරිම ගනකම් රලු නොවුනත් සවිමත් මගෙ වගේ සිනිදු හමක් නෙවේ ඒ.

ඉතින් මන් ඇස් ඇරලා එයාදිහා බැලුවෙ අත්දෙකෙන් එයාව තද කරන් අල්ලගෙන. මට දැනුන දේ ඇත්ත එතන කෙනෙක් හිටියා මගෙ ඇග උඩ මාව බදාගෙන තව පිරිමියෙන් මගෙ ඇදඋඩ ඇද උඩ කිව්වට මගෙ උඩ හිටියා කොහොම විශ්වාස කරන්නද ඒත් ඒක ඇත්ත.

මන් එයාව දැක්කත් එයා දිගටම මගෙ බෙල්ල අස්සෙ මූන හන්ගන් හිටියා මිසක් මන් එයාගෙ මූන පෙන්නුවෙ නෑ අඩුම එයාට මන් එයාව දැක්කද කියලවත් ගානක් නෑ. එහෙම්මම මට ආයෙත් නින්ද ගියේ ඇයි කියන්න මට මතකයක් නෑ ඒත් උදේ අවදි වෙනකම්ම මට වෙනසක් තේරුන්නෑ

වෙලාව උදේ 6.00 මන් අවදිඋනාත් එක්කම මන් හෙව්වෙ ඊයේ රෑ මගෙ ඇදේ හිටිය මනුස්සයාව. ඒත් එයා නෑ විනාඩි පහක් විතර උන දේවල් පොසෙස් කරගන්න දගලපු මම ඇන්තිමට ඒක හීනයක් කියලා මාවම රවට්ටගෙන ස්කෝලෙ යන්න ලෑස්ති උනා

බස් එකේ ස්කෝලෙ යන ගමන් මට අර රූපේ හිමි පිරිමියාව මවාගන්න ට්‍රයි කරත් ඒක හරිගියේ නෑ ආයේ එයා එයිද..? ආවත් මට මොකද..? වෙන මනුස්සයෙක් නම් හොරෙක් මන්කොල්ල කාරයෙක් කියලා නැත්තම් හොල්මනක් කියලා බයවෙයි ඒත් මට මේ මනුස්සයා ගැන එහෙම හිතුන්නෑ  පුදුමයි මට හිතෙන්නෙම මන් එයාව දන්නවා කියලමයි.

දන්නෙමත්නැතුව ස්කෝලෙ ලගටම ඇවිත්. මන් ස්කෝලෙ ඇතුලට යනවත් එක්කම චානා කොහෙදෝ ඉදන් දුවන් ඇවිත් මගෙ අතේ එල්ලුනා. මූත් අර මොකක්දෝ එක වගේ මගෙ පස්සෙන්මයි

Super Moon 🐺🐾BL Where stories live. Discover now