චානා වොශ් දාන්න ගියාට පස්සෙ ක්‍රිශ් අයියත් බෑග් එක ලෑස්ති කරලා උඩ ඇදට ගිහින් පෝන් එක ගත්තා. තුශෙල් අයියා අපිට වතුර ගේන්න ගියා. මාත් පෝන් එක අරන් කැන්ඩික්රශ් ගහන ගමනුයි හිටියෙ.
විනාඩි ගානක නිහඩ බව බින්දෙ ක්‍රිශ් අයියා.
"නේශ් මල්ලි උබ මීට කලින් රිවස්ටන් ඇවිත් තියනවද.."
ක්‍රිශ් අයියා එහෙම ඇහුවාම නම් නෑ කියලා ඔලුව වැනුවා.
"අයියලා මීට කලින් ඇවිත් තියනවද"
ටිකක් වෙලා පෝන් එක දිහා බලන් ඉදලා පෝන් එක පැත්තකින් තියලා ක්‍රිශ් අයියා මන් දිහා බැලුවා.
"අම්මො ඔව් අපෙ තුශ්ගෙ ආසම ට්‍රැවලින් ප්ලේස් එක තමයි රිවස්ටන් "
මාත් තුශෙල් අයියා ආසයි කිව්වා නිසා ටිකක් අවදානෙන් අහන් හිටියා.
"ඉතින් මොනාද අයියෙ මෙහෙ දවස් දෙකක් බලන්න තියෙන්නෙ "
"ගොඩක් දේවල් තියනවා බන් දැන් තවටිකකින් අපි රිවස්ටන ටවර් එක බලන්න යනවා ඊටපස්සෙ පිටවල පතන බලන්න යයි "
ක්‍රිශ් අයියා විස්තරේ කියාගෙන යද්දි තුශෙල් අයියා වතුරත් අරන් රූම් එකට ආවා
"මිස් හැමෝටම පහලට එන්න කිව්වා යමන් "
තුශෙල් අයියා එහෙම කියාගෙන බෑග් එකක් අරගෙන ඒක එක අතකට දාගත්තා
"කෝ උබෙ අනිත් එකා ඌ මෙච්චර වෙලා දියවෙනවද දන්නෑ "
ක්‍රිශ් අයියා කිව්වත් වගේ මූ ඇත්තටම දියවෙනවද දන්නෑ කියලා හිතමින් මන් බාතෲම් එක පැත්තට ගියා.
ඒ එක්කම චානා බාතෲම් එකේ දොරත් ඇරන් එලියට ආවා
මාත් ඌ එක්කම ගිහින් අපෙ බෑග්ස් ටිකත් ලෑස්ති කරන් පහලට ආවා.අපි හිටියෙ හතර වෙනි තට්ටුවේ බැල්කනි එකෙන් පහල බලද්දි අනිත් ලමයි පහල ගාර්ඩන් එකේ ඉන්නවා පෙනුනා .
අපි ඔකෝම එකතුවෙලා රිවස්ටන් ටවර් එක බලන්න ගියා.
අපි හිටපු තැන ඉදන් කිලෝමීටර එකහමාරක් විතර දුරින් තමයි රිවස්ටන් ටවර් එක තිබුනේ. දෙපැත්තම අදුරු කැලෑව මැදින් තමයි අපි ඇවිදන් ගියේ.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...