" මාව දාලා යන්න එපා ආශූ..."
"ප්ලීස් මන් ලගින් ඉන්න. ඔයා මට පොරොන්දු වුනා..."
"අහ්.. මට රිදෙනවා මැනික "
" මගෙ ලගට එන්න. "
" අයියේ....."
මගෙ වටේ හැම තැනම කලුවර විතරක් පෙනෙද්දි ඇග පුරාම දාඩිය පෙරාගෙන මන් අවදි වුනේ තුශෙල් අයියාගෙ සහ අකේන් අයිය වේදනාවෙන් කතාකරන කටහඩ මට හීනෙන් වගේ ඇහුනු නිසයි.
ඇදේ ඉදගෙන ඉන්න ගමන්ම මන් කින්ග් ව හෙව්වත් කින්ග් හිටියෙ නෑ. නිදාගන්න කලිනුත් කින්ග් අසනීපෙන් හිටිය නිසා. මන් ඇදෙන් බැහැලා රූම් එකේ ලයිට් එක දැම්මා.
"ඇල්ෆ්හ්.."
මන් කතාකරන්න ගියපු වචනත් ගොලු වුනේ රූම් එකේ බැල්කනිය උඩ ඉදගෙන ඉන්න කින්ග්ව දැකලයි.
" දෙයියනේ ඇල්ෆා "
මන් කින්ග්ට කතාකරන ගමන් එයා ලගට දුවගෙන යද්දි කින්ග් මාව නෑහුන ගානට බැල්කනියෙන් පහල බලාගෙන හිටියා.
" අනේ ඇල්ෆා. මොනවද දෙයිනේ මේ කරන්නෙ. එන්න අපි රූම් එකට යමු ඔයාට තාම සනීපත් නෑ නෙ. කෝ එන්න "
"මට මේ ඉන්න විදිහට ඉන්න දීලා පලයන් ආශු "
" හිතුවක්කාර වෙන්න එපා ඇල්ෆා ඔයා වැටෙයි. "
අඩනිරුවත් හිටපු මගෙ පපුවට වැදෙන හුලග නිසා හිරිගඩු පිපෙන තරම් සීතලක් දැනෙද්දි වෙව්ලන හඩින් මන් කින්ග් එක්ක කතාකරත්. කින්ග් බැල්කනියෙ අත්වැටේ ඉදගෙන වලාකුලු වලින් වැහිලා තිබුනු අලුපාට අහස දිහා බලන් හිටියා.
" වැටිල මැරිලවත් මට මේ කාලකන්නි ජීවිතෙන් යන්න පුලුවන්ම්..."
"මො..මොකක් "
මම ඔලුව දෙපැත්තට හොලවලා කින්ග් ගෙ අතින් අල්ලගත්තා. එලියෙ මෙච්චර සීතල වෙලත් ඒ අතනම් ගින්දර වගේ රස්නියයි. ඒකියන්නෙ තාම කින්ග් ඉන්නෙ අසනීපෙන්.
" හරි ඇල්ෆා... අපි රූම් එකට ගිහින් මේදේවල් කතා කරගමු. කෝ එන්න ඉතින් "
මන් කින්ග් ගෙ අත තදින් අල්ලගෙන කතාකරත් කින්ග්ගෙන් ප්‍රතිචාරයක් තිබුනෙ නෑ.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...