.
" අයියේ මම කොලෙජ් එකට සිලෙක්ට්
වෙලා ""කවද්ද ආශු කොලෙජ් පටන් ගන්නේ "
"ලබන සතියේ කියලා තමයි තියෙන්නේ නම්. එතකොට මම හොස්ටල් ද ඉන්න ඕනි "
"ඔව් ඒක නීතියක් "
"ඒත්..."
"මූන එල්ලන් ඉන්න එපා ආශු අපි හැමෝම හොස්ටල් හිටියා ඒක හිතන තරම් කම්මැලි නෑ "
"ම්ම්ම් "
මම මගේ මේල්ස් චෙක් කරනකොට තමයි දැක්කේ මාව ඊයේ කොලෙජ් එකට සිලෙක්ට් වෙලා කියලා.
"කෝ තුශෙල් අයියා "
"බාතෲම් එකේ "
"මෙච්චර වෙලා.."
"ආශු අපි හිතුවටත් වඩා ඉක්මනින් මේ දේවල් සිද්දවෙනවා අපිට බෑ මේක නිසා ඔයාගෙ ජීවිතේ අපයක් කරන්න."
"මො..මොනවද අයියේ මේ කියන්නේ මට තේරෙන්නෑ "
කලබලෙන් කලබලෙන් වගේ අකේන් අයියා කියන් ගිය මෙලෝ දෙයක් මට තේරුන්නැති නිසා මම එයාගෙන් ඇහුවත් අකේන් අයියා මොකුත් නොකියා ඊයේ ලයිබ්රි එකෙන් ගත්තු පොතේ අන්තිම පිටු ටික කියවන්න පටන් ගත්තේ ලොකු කලබලේකින්
"මට තුශෙල් අයියා බලන්න ඕනි "
"එපා ආශු දැන්ම්.."
මට අකේන් අයියා කියන්න ගියපු දේ අහන්න කිසිම උවමනාවක් තිබුන්නෑ මොකද මන් උදේ අවදි වෙද්දිත් තුශෙල් අයියා බාතෲම් එකේ දැන් දවල් එක වෙන්නත් ලගයි කෑම කන්නවත් එයා එලියට ආවෙ නෑ මන් මුලින් හිතුවෙ උදේම නානවා ඇති කියලා පස්සෙ අකේන් අයියා ඔෆිස් එකට ගියා කියුව නිසා කටවහගෙන හිටියත් ඒ වෙලේ ඉදන් මේ වෙනකම්ම අකේන් අයියයි මායි ඒ බාතෲම් එකට නොගිය නිසාත් මම දොර ඇරගෙන බාතෲම් එකට ගියේ දැනුවත් කිරීමක් නොකරමයි.
"අ..අයියේ"
තුශෙල් අයියා හිටියේ ඇස්දෙක දම්පාට කරගෙන එයාගෙ අත්දෙකේ නියපොතු , අගේ මවිල් අසාමාන්‍ය විදිහට වැවිලා අර්ද වෘකයෙක් වගේ හිටියේ. හරියටම කියුවිත් දැන් තුශෙල් අයියා වෘක මිනිහෙක්.
"ආශු එපා "
අකේන් අයියා එපා කියාගෙන බාතෲම් එක ලගට දුවගෙන ආවත් මන් ඇතුලට ගිහින් බාතෲම් එකේ දොරවහගත්තා.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...