"මට තේරෙන්නෑ හේජින් ඒ වෙලේ මට මාව පාලනේ කරගන්න බැරි උනා අනික ඒ මගෙ මේට් වෙද්දි මන් කොහොමද..."
"නෑ ලූනා ලුසිෆර් තමයි ඔබේ මේට්. ලූනා කියන විදිහට අපේ කින්ග් සහ ලයිකන් ආකී එකම ශරීරයක ඉන්නවනම් නව ආත්මේ ලුසිෆර් නමින් බිහි වුනානම් පුරාවෘත්තයට අනුව නව ආත්මයයි ලූනගෙ මේට් වෙන්න ඕනි. "
තුශෙල් අයියා මාව මර්ක් කරයින් පස්සෙයි මට කරගත්තු දේ බරපතල කම තේරුනේ. මම මේටින් මාර්ක් එක ලග දෙතොල් තදකරගෙන ගෙවුනු විනාඩි ගානට තද නින්දක හිටපු තුශෙල් අයියාවත් මගෙන් ඈත්කරලා බිම වැටිලා තිබුනු මගෙ ශර්ට් එකත් ඇදගෙන මහ වැස්ස මැදම මම ඔෆිස් එකට ගියේ හේජින්ව හම්බෙන්න. සද දෙව්දුවට දහස් වාරයක් ස්තූතිවන්ත වෙන්න ඒ වෙලේ ඔෆිස් එකේ හිටියෙ හේජින් විතරයි.
මම ලොකු පොත් ගොඩක් පැත්තකින් තියාගෙන ඔෆිස් එකේ මේසෙට වෙලා ෆයිල් වගයක මොනවදෝ ලියන ගමන් හිටපු හේජින් ලගට ගිහින් තුශෙල් අයියා මාව මාර්ක් කරපු කතාවත් කින්ග් ගෙ වෙනස් වීම ගැනත් කියුවා. මොකද දැන් මේ වුන දේවල් එක්ක මට උපදෙසක් ගන්න පුලුවන් කෙනෙකුට කියලා හිටියෙ හේජින් විතරක් නිසා.
"ඒත් හේජින් මේ මාර්ක් එකත් එක්ක මන් කොහොමද ලුසිෆර්ට මේවා පැහැදිලි කරන්නෙ. එකම ශරීරෙක හිටියත් ඒ අයට අනිත් දෙන්නා කරන දේවල් ගැන අවබෝදයක් නෑ. "
"ඒකත් එහෙමද. අපිට කොහොමත් මේ දේගැන ලුසිෆර්ට කියන්න බෑ ලූනා මොකද එතුමගෙ කෙන්තිය මුලු පැක් එකම යටත් කරගන්න තරම් බලවත්."
"මන් දැන් මොකද කරන්න ඕනි. අඩුම ඒකවත් මට තේරෙන්නෑ හේජින්. ශිට් එක්කො මන් මේ ඔක්කොම දාලා ගෙදර යන්නවා රෙද්ද . "
බය දුක ඔක්කොම එකවැර දැනෙද්දි මන් හේජින් එක්ක කතාකරත් හේජින්ගෙ ඇස් තිබ්බෙ මගෙ මාර්ක් එක ලග.
"ලූ..ලූනා එතන මාර්ක් එකක් නෑනේ "
"මොනවා..."
මම පෝන් එකේ සෙල්ෆි කැම් එකෙන් මාර්කින් ප්ලේස් එක බලද්දි එතම කිසිම සලකුනත් තිබුන්නෑ. අඩුම හයිකි එකක් වත් මාර්කින් ප්ලේස් එක ලග තිබුන්නෑ.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...