" සුබ උදෑසනක් ලූනා. දැන් කින්ග් ට කොහොමද එතුමාගෙන් ප්‍රතිචාරයක් තියනවද ""නෑ හේජින් ඊයෙ හිටියා වගේමයි කිසි වෙනසක් නෑ "
"ඔබතුමා උත්සවයට එන්නේ..."
"අහ් මන් යුනිෆෝම් එක ඇදන් එන්නම් හේජින් "
මම උදෙ අවදි වෙද්දිත් ඇල්ෆා හිටියෙ කලින් වගේම නිදාගෙනයි. එයාගෙන් තිබුනු එකම ප්‍රතිචාරයි හුස්ම ගැනීම පිටකිරීම විතරයි. උදේම කොලෙජ් එකේ ලමයින්ට තියෙන ආරම්බක උත්සවේ වැඩ සිද්ද වෙන විදිහ වගේම ස්ටාෆ් එකේ ස්පීච් දෙකක් හදාගන්න මන් ඔෆිස් එකට ගියා. වැඩත් එක්ක වෙලාව ගතවෙනවා නොදැනුනු නිසා හේජින් කතා කරද්දියි මන් මේ ලෝකෙට ආවෙ.
හේජින්ට කියුවත් වගේ මන් යුනිෆෝම් එකත් ඇදගෙන කොලෙජ් යන්න ලෑස්ති වෙලා කන්නාඩියෙන් මන් දිහාම බලන් හිටියා.
සුදු ට්‍රවුසර් එකට සුදු අත්දිග ශර්ට් එක යටකරලා නිල් පාට කහපාට ඉරි වැටුනු බ්ලේසර් එකත් දාගෙන ශර්ට් එකේ උඩ බට්න් එක්කුත් අන්බට්න් කරගෙන මම කොන්ඩෙ පීරගත්තේ මොනාවුනත් පිලිවෙලකට කොලෙජ් යන්න ඕනි නිසයි. මිරර් ටේබල් එකේ වාඩිවෙලා ශූස් දාගෙන මන් ආයෙ කන්නාඩියෙන් මන් දිහාම බලනකොට මගේ ඇස් වලට කදුලු උනන්න පටන් ගත්තා.
ඉස්සර මන් කොලෙජ් යන්න බෑ කියද්දි අකේන් අයියා මගෙ හිත හදාගන්න නොකියපු දෙයක් නෑ. එයා ගොඩක් ආසාවෙන් හිටියේ මන් කොලෙජ් යුනිෆෝම් එක ඇදලා ඉන්නවා බලන්න. මන් කන්නාඩියෙන් පේන ඇදේ නිදාගෙන ඉන්න ඇල්ෆා කින්ග් දිහා බලාගෙනම මගෙ ඇස්වල කදුලු පිහගෙන ඇල්ෆා නිදන් ඉන්න ඇද ලගටම ගිහින් ඇදේ ඉදගෙන මම ඇල්ෆාගෙ දකුනු අතේ ඇගිලි මගේ ඇගිලි එක්ක පටලවගත්තා.
"අකේන් අයියේ... ඔයාගෙ ආශු කොලෙජ් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඇස් ඇරලා බලන්නකො. ඔයා ආසාවෙන් නෙද හිටියෙ මන් මේ යුනිෆෝම් එකෙන් දකින්න..."
"අනෙ තුශෙල් අයියා අඩුම ඔයාවත් මන් කියන දේ අහන්නකො. එක පාරක් එකම එක පාරක් ඇස් ඇරලා බලන්න. මගෙත් එක්ක වචනයක් හරි කතාකරන්න ප්ලීස්..."
ඇස්වලින් එන කදුලු ඇහෙන් එලියට පිට නොකර ඇස් ඇතුලටම කිදා බස්සන්න උත්සාහ කරත් අන්තිමට සිද්ද වුනේ කම්මුල් රතුවෙනකන් කදුලු වගුරන්න වුන එකයි.
YOU ARE READING
Super Moon 🐺🐾BL
Loup-garouපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...