Part 36

52 8 0
                                    

මන් අවදි වෙලා ඇස් පිය ගහන ගමන් එලියට ඇස් හුරුකරගද්දි. බොදවෙලා වගේ පෙනුනු තරුන මේල් ඔමේගා කෙනෙක් මගෙන් ලගට ඇවිත් මොනවදෝ කියන ගමන් හිටියෙ. කියන දේ නෑහුනත් මම එ කෙනාගෙ කට හෙලවෙනවත් අත් වලින් ට්‍රේ එකක් අල්ලන් ඉන්නව බලන් ඉදලා
ආයෙත් ඇස් තදින් වහගෙන හෙමින් විවර කරලා වටපිට බලද්දියි මට තේරුනේ මම ඉන්නේ හොස්පිට්ල් එකක ඇදක් උඩ කියලා.

"ඔ...ඔයා කව්ද "

" මම පැක් එකේ හෙදියක් ලූනා. ඇල්ෆා කින්ග් ඇවිත් තමයි උබ තුමාව බාරදීලා ගියෙ."

"මටහ් මොකක්ද උනේ."

ඔලුවෙන් දැනුනු තද හිසරදය එක්ක මන් එ ඔමේගා එක්ක කතාකරේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙන ගමනුයි.

"ප්‍රදාන වෙද තුමානම් කියුවෙ ඔබතුමා බලය පරිහරනය කල නිසා දුර්වල වෙලා කියලයි. ඊටවඩා වැඩි විතරය මන් දන්නෑ ලූනා."

"අහ්..දැන් ඇල්ෆා කින්ග් කොහෙද "

"මම එතුමාට පැමිනෙන්න කියන්නම් "

"එපා..."

මන් එපා කියුවත් මන් කියපු දේ ඇහෙන්නත් කලින් ඒ ඔමේගා පෝන් එකට ආපු කෝල් එක ආන්සර් කරලා රූම් එකෙන් එලියට ගියා.
මමත් උනදේ කල්පනා කරන ගමන් හෙඩ්බෝඩ් එකට හේත්තුවෙලා ග්ලාස් වෝල් එකෙන් පෙනෙන පැක් එක දිහා බලාගෙන කොට්ටෙට ඔලුව තියාගත්තා.

ටික වෙලාවකින් මන් හිටපු රූම් එකේ දොරේ ලොක් එක කැරකෙද්දි මටවත් නොදැනී මගේ හාට් බීට් එක වැඩි වුනා. මම දොරේ ලොක් එක දිහා බලාගෙන හැඩ්ල් එකත් එක්කම රූම් එක ඇතුලට දික් වුනු අතේ මැනික් කටුව ලග තිබුනු A සලකුන දිහා බලාගෙන හිටියෙ. තව ටිකකින් ඒ රූපෙත් රූම් එක ඇතුලට එන බව දැන්න නිසයි. මම පුලුවන් තරම් තදින් ම ඇස් දෙක වහගෙන කොට්ටෙට ඔලුව තදකරගෙ අනිත් පැත්ත බලාගත්තේ ඊලගට මන් කරන්න ඕනි මොනවද කියල මටවත් හිතාගන්න බැරිවෙද්දියි.

දොර ආපහු ලොක් වෙන සද්දෙත් අඩියෙන් අඩිය ඒ රූපෙ මන් ලගට ඇවිදන් එද්දි දැනුනු රෙඩ් වයින් වගේ සීතල සුවදත් තව තවත් ලගින් දැනෙද්දි මම අතේ ඇගිලිත් ගුලිකරගෙන නිදි වගේ හිටියා.

Super Moon 🐺🐾BL Where stories live. Discover now