මමයි චානයි අපිට වෙන් කරලා තිබ්බ රූම් එකට ගියා.එක රූම් එක හතර දෙනෙක්ට ශෙයා කරගන්න තිබ්බා වගේම. මගෙ ඇදට උඩින් තමා චානාගෙ ඇද තිබ්බේ.
රූම් එකේ තාම අපි දෙන්න විතරයි හිටියෙ. ඒ එක්කම අර සුවද දුරින් වගෙ මට දැනුනා ඒත් එක්කම මන් මගෙ ඇදට පැනලා චානා උඩ ඇද කඩාගෙන වැටුනොත් මන් නිරුපද්‍රිතව බේරෙන්න විදිහක් හිත හිතා ඉන්නකොට අපෙ රූම් එකේ දොරට කවුදෝ තට්ටු කරනවා ඇහුන නිසා මන් දොර ඇරියා.එතන හිටියෙ ඒලෙවල් කරපු අයියලා දෙන්නෙක්. මන් දොරගාවින් අයින් වෙලා එයාලට එන්න ඉඩ දුන්නා.
අමෝ ඒ සුවද මේ අයියලා දෙන්නගෙන් එක්කෙනෙක් ගාවත් ඒ සුවදනේ එන්නේ.
මන් ඒ සුවදින් පෙනහලු පුරවගෙන වැඩි වෙනසක් නොපෙන්වා ට්‍රවල් එකයි ඇදුම් ටිකයි අරන් චානාටත් කියලා බාතෲම් එකට ගියා.
බාතෲම් එකට ගියගමන් දොර වහලා වේගෙන් වේගෙන් හුස්ම ගත්තා. ඒ සුවද මට ඒ සුවද තව ඕනි අනේ මට ඒ සුවදෙ ගිලෙන්න ඕනි. මන් මටම කියාගෙන ඇස් පියන් මගෙ යුනිෆෝම් එක ගලවලා නිරුවත් ව ශුවර් එක යටට ගියා.
සීතලේ ගැහි ගැහී ඉදලා මේවහේ උනුවතුර ටිකක් ඇගට වැටෙනකොට දැනෙන සනීපේ. ඒත් එක්කම අර සුවද ආයෙත් මට දැනුනෙ මන් මගෙ ඇග උඩ නිදන් හිටිය කෙනාව මතක් කරන් ශවර් ජෙල් ගාන අතරෙයි.
ටොක් ටොක් බාතෲම් එකේ දොරට කවුදෝ තට්ටු කරා මන් ඉක්මනින් ඇග හෝදගෙන ට්‍රවල් එක ඉන ගාවට ඇදන් දොර බාගෙට ඇරලා ඔලුව දාලා ඇයි ඇහුවා.
"මල්ලි ඉක්මන්ට වොශ් කරන් වරෙන්කො බන් අපිත් නාගන්න එපැයි උබ දැන් පැයක් විතර ඕක අස්සෙනේ"
"හරි හරි මන් ඇදගෙන එන්නම්"
මන් වැඩිය ගනන් නොගෙන ඒ අයියට එහෙම කියලා ආයෙ දොර වහගත්තා.
කන්නාඩින් මගෙ මූන ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා තියනවා මන් දැක්කෙත් ඒ වෙලේ.
රතු නොවී තියෙයිද අෆ්ෆා ආසම සුවද එන මනුස්සයා ඒ වාත්තු කලා වගේ තියන රූපේ එක්ක මන් ඉස්සරහා ඉද්දි.
ඔව් එතන හිටියෙ අර සුවද ආපු අයියා තමයි මන් හිතන්නෙ මට එයාගැන ක්‍රශ් එකක් ඇතිවෙලාද කොහෙදෝ..
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...