Part 24

46 7 0
                                    

මට උන හැදුනු දවසේ ඉදන් මේ වෙනකන්ම අකේන් අයියා හිටියෙත් අපිත් එක්කමයි. හිතුවෙවත් නැති වේගෙකින් එක්සෑම් පටන් ගත්තා.

"අමෝ.. ඒකත් ඉවරයි "

මම කොලෙජ් එකේ එක්සෑම් එකේ අනිතිම පේපර් එකත් කරලා මාව එක්කන් යන්න ආපු අකේන් අයියගෙ අතේ එල්ලිලාම රූම් එකට එද්දි තුශෙල් අයියා ඇද උඩට වෙලා ගේම් එකක් ප්ලේකරන ගමනුයි හිටියේ.

තුශෙල් අයියා අපිව දැකලා ගේම් එක ප්ලේකරපු පෝන් එකත් පැත්තකින් තියලා මන්දිහා බලන් හිටියා.

මන් සුපුරුදු පරිදි දුවගෙන ගිහින් තුශෙල් අයියාව හග් කරේ එක්සෑම් එක ඉවර වුනු සතුටටත් එක්කමයි.තුශෙල් අයියාත් මාව හග් කරගෙනම ඇදේ පෙරලුනේ අකෙම්න් අයියා අපේ මේ ලමාලපටි වැඩ බලන් ඉද්දියි.

"දැන් මොන්ටිසෝරි කොල්ලා කොලෙජ් යන්නයි හදන්නේ."

"අනේහ් බලන්නකො අකේන් අයියේ "

"මොකක්ද ආශු ඒ මොන්ටිසෝරි කතාව '

අකේන් අයියා ඇදේ ඉදගන්න ගමන් ඇහුවත් මම රවාගෙනම තුශෙල් අයියා  ගෙන් ඈත්වෙල අකේන් අයියා ලගට ගිහින් මාව මොන්ටිසෝරියට දාපු කතාව කියුවාම එයා හිනාව ඉවසගන්න උපරිම ට්‍රයි එකක් දුන්නත් තුශෙල් අයියා බක බක ගාලා හිනාවෙද්දි අකේන් අයියත් ඒකටම එකතු වෙලා හිනා උනේ මගෙ රතුකට්ට පන්නලා.

"මාව රවට්ටලා හිනාවෙන කැත විතරක්. නොදැනුවත් කම හින්දනෙ මේ හැමදෙම "

මම මූනත් එල්ලගෙම කියපු කතාවට අකේන් අයියා හිනාව නවත්තලා ඇදෙන් නැගිටපු මාව එයාගෙ තුරුලට ගද්දි තුශෙල් අයියා නම් මොන්ටිසෝරියේ මට එහාපැත්තෙ හිටිය කෙශන් චූ දාපු එකත් අකේන් අයියට කිය කිය හිනා වුනා.

"බලන්නකො අයියේ "

"ඇති බන් ඕක "

"තමුන්ලා දෙන්නම එකයි කතාකරන්න එපා ආයෙ මාත් එක්ක"

"එකයි තමයි ආශු "

තුශෙල් අයියා එහෙම කියලා ආයෙ හිනාවෙනකොට මම ලග තිබ්බ කොට්ටෙකින් තුශෙල් අයියාට ගහලා අකේන් අයියාව හග්කරගෙන තුශෙල් අයියාව ගනන් නොගෙන හිටියා.

Super Moon 🐺🐾BL Where stories live. Discover now