Part 37

59 8 2
                                    


වෙන කවමදාකවත් දැනිලා නැති හැගීම් ගොඩක් හිතේ එහා මෙහා සක්මන් කරද්දි. මම ට්‍රවල් එකත් ඉනගාවින් ගැටගහගෙන ක්ලෝසෙට් එකට ගියා. ක්ලෝසෙට් එක ඇතුලෙන් තවමත් එන්නෙ තුශෙල් අයියා ලගින් ආව වැනිලා සුවදට සමාන සුවදක් වෙද්දි ඒ සුවද හිතේ හැටියට විදින ගමන් මම ඇදුමක් දාගෙන ක්ලෝසෙට් එකෙන් එලියට ඇවිත් මිරර් ටේබල් එකෙන් වාඩිවෙලා කන්නාඩියෙන් පේන මන් දිහාම බලන් හිටියා.

කලුපාට ට්‍රවුසර් එකට ලා රෝස බැගී ශර්ට් එකක් ඇදලා ඒකෙ වම්පැත්තෙන් කොලෙජ් බැජ් එකත් ගහගෙන ජුවලරි බොක්ස් එක අතට ගත්තු මම ඒකෙන් මට ගැලපෙන ඉයර් රින්ග් එකක් තෝරගන්න බැලුවත් හරියන එකක් නොතිබ්බ නිසා බොක්ස් එකම ටේබල් එකට හලලා හොයද්දි එක ඉයර් රින්ග් එකක් මගෙ අතේ තිබුනු බ්‍රේස්ලට් එකේ පැටලුනා.

ඒක මන් ගත්තු ඉයර් රින්ග් එකක් නෙවේ මට හොදටම ශුවර් මෙච්චර එක්ස්පෙන්සිව් ජුවලරි ගන්න තරම් මම ජුවලරි වෙනුවෙන් වියදම් කරන කෙනෙකුත් නෙවේ. ඒ ඉයර් රින්ග් එක පින්ක් ගෝල්ඩ් වලින් වුල්ෆ් කෙනෙක්ගෙ හැඩේට හදලා තිබුනා වගේම ඒකෙ වුල්ෆ් ගෙ ඇහේ මැද හොට් බ්ලූ කලර් දියමන්තියක් තිබුනා. ඒ දියමන්තියට පිටුපසෙන් වයිට් ගෝල්ඩ් වලින් හදපු චේන් තුනක් එල්ලා වැටිලා තිබුනා වගේම ඒ චේන් අග පිලිවලින් දම් කොල රතු දියමන්ති අල්ලලා තිබුනේ ඉයර් රින්ග් එකේ වටිනා කම දෙගුන තෙගුන කරලයි.

මම ඒ රින්ග් එක කන ලගින් තියලා ලාවට හින වුනේ ඒක මට හැදුවා වගේ ගැලපුන නිසයි. ඉයර් රින්ග් එකත් දාගෙන පවුන්ඩේශන් එකත් ලිප් බාම් එකත් අයිලයිනර් එකත් සිම්පල් විදිහට ගාගෙන කොලෙජ් ෆයිල් එකත් අරගෙන පහලට ගියා.

මන් එද්දි කවුරුත් පහල හිටියෙ නැති නිසා පෝන් එකෙන් වෙලාව බැලුවත් වෙලාව හවස 3.47 කියලා සටහන් වෙලා තිබුනා. ලෙච්චර් එක තියෙන්නෙ හතරට අනිත් ලමයිනුත් ඒ වෙලාවටම එයි කියලා හිතුන නිසා මම හොල් එකේ මැද හරියෙ අයිනෙ තිබුනු ඩෙස් එකේ ෆයිල් එක තියලා ඩෙස් එකට ඔලුව තියාගෙන හිටියා.

" ආශු..."

" ම්ම්ම්ම් "

මන් ඩෙස් එකේ ඔලුව තියාගෙන මගෙ අතින් අල්ලගෙන ඉන්න කින්ග් දිහා බලගෙන ඉද්දි කින්ග් ඇස් බැමි උස්සලා ඇයි කියල ඇහුවා. මාත් ඔලුව වනලා නෑ කියලා කින්ගෙ අත මගෙ අත්දෙකෙන්ම අල්ලගෙන ඇස් වහ ගද්දි මුලු හෝල් එකෙන්ම ඇහුනෙ "ඕ...." හඩක්

Super Moon 🐺🐾BL Where stories live. Discover now