ක්‍රිශ් අයියයි චානයි එයාලගෙ ඇදවල් වලට ගිහින් නිදාගත්තා. මන් දොර ඇරලා එලිය වටපිට ටිකක් බලලා ලයිට් එකත් ඕෆ් කරන් ඇදර ආවා.
මොනා උනත් මන් තුශෙල් අයියව තල්ලු කරපු වෙලේ ඉදන් ආයෙ එයාව නොදැක්ක එක මගෙ හිතට මහ වදකාරී හැගීමක් ගෙනාවා.
ඇදට ආවත් නින්ද අහලකටවත් නොආපු නිසා මම ඇස් දෙක වහන් මන් ගැනම කල්පනා කරා.
ගිය අවුරුද්ද තමයි මගේ ජීවිතේ නරකම අවුරුද්ද.
______________________________________
Pov
" අම්මේ..."
ස්කෝලෙ ඉවරවෙලා වෙනදා වගේම මම ගෙදර ආවා.
"අහ් පුතා ගෙදර ආවද වොශ් එකක් දාන් ඇවිත් නැනීට කියලා කෑම ගන්න "
අම්මගෙන් අදත් අහන්න ලැබුනේ ඒ සුපුරුදු වචන ටිකමයි.
තාත්තා මට අවුරුදු පහක් වෙද්දිම ඩුබායි ගිය නිසා ඒ කාලෙ ඉදන් අම්මා මාතෙක්ක හිටියෙ කේන්තියෙන්. හේතුවක් නම් දන්නෑ.ඒ දෙන්නා ගොඩක් ආදරෙන් හිටපු කපල් එකක් මන් තම ඉගෙන ගන්න හින්දා තමයි තාත්තා මන් ගාව අම්මව තියලා ගියේ. මන් හිතන්නේ අම්මා ඒ ගැන දුක් වෙනවා.
මාත් අම්මා කිව්ව විදිහටම වොශ්දාලා ඇවිත් කෑම ගත්තා.
"අම්මේ ඔයා කාලද"
" ඔව් "
එහෙම කියලා අම්ම එයාගෙ රූම් එකට ගියේ තාත්තගෙන් කෝල් එකක් ආව නිසා
කෑම කාලා ඉවර වෙල මන් රූම් එකට ගිහින් පාඩම් කරලා හවස ටීවි එකේ කාර්ටූන් එකක් බල බලා හිටියා
ඒ එක්කම අම්මා බෑග්ස් වගයක් අරන් ඇවිත් ගේ මැදින් තිබ්බා.
"ඇයි අම්මේ මේ අපි ට්‍රිප් එකක් යනවද "
අම්මා මාත් එක්ක කොච්චර කේන්ති ගත්තත් මන් එයා එක්ක කතකරේ හරි ආදරෙන්
" නෑ මන් අද තාත්තා ගාවට යනවා එන දවසක් නම් කියන්න බෑ මේ තියෙන්නෙ ගෙදර යතුරුටික. මේ ගෙදරයි මාතලේ අපෙ ගෙදරයි මන් පුතාගෙ නමට ලිව්වා මේ ඒ ෆයිල් එක. පුතාගෙ කෑම බීම ගැන නැනී බලාගනී ගෙවල් දොරවල් අස් කරන්නත් මන් රිචඩ් ට එන්න කියල පනිවිඩයක් දුන්නා එයා තව ටිකකින් එයි "
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...