"චානා මේක විහිලු කරන වෙලාවක් නෙවේ බන් මේ කෑලේ මොන මොන සත්තු ඉන්නවද කියලා අපි හරියටම දන්නෑනේ. මෙහෙවරෙන් යන්න"
"ආශු බබා ඒකියන්නේ තාම ඔයාට මාව අදුර ගන්න බැ නේද ඔයාට ඔයාගෙ ආකිව මතක නැද්ද ආශු "
" කව්ද ආකි කියන්නේ ඔයා චානානේ එහෙම නෙවේද "
ඒත් එක්කම චානාගෙ ස්වරූපයෙන් හිටිය ඒ මනුස්සයා කලුපාට ශර්ට් එකට උඩින් කලු බ්ලේසර් එකක් දාගෙන කලු ට්‍රවුසර් එකක් ඇදන් ඒ කොල ඇස් එක්කම වෙනත් මනුස්ස රූපයකට මාරු උනේ මාව එතනම ගල් කරලයි.
" දැන් වත් මගෙ මැනිකට මාව මතක් උනාද මන් කොච්චර නම් කාලයක් ඔයාව හෙව්වද ආශු"
ඒ අකේන් කියපු මනුස්සයාගෙ වෙස් මාරුව දිහා බලන් හිටිය මට උඩට ගත්තු හුස්ම පහලට දාන්නත් අමතක වෙලා බලන් හිටියා.
"ආශූ..අයේශ් ඔයාට මාව ඇහෙනවද මැනික කතා කරන්න එකපාරක් ඉස්සර වගේ මට ආකි කියලා කතා කරන්න "
ඒ දීප්තිමත් කොල ඇස් එන්න එන්නම තද කොලපැහැයට හැරිලා අවසානයේ කලුපැහැයට හැරවුනත් එයා කතා කරන වචනයක් වචනයක් ගානේ ඒ ඇස් වල කදුලු පිරුනේ ගොඩක් කාලයක් තිස්සේ හොයපු දෙයක් හම්බුනා වගේ සතුටකින් මන්දිහා බලාගෙනමයි.
"මට සමාවෙන්න ඒත් මට ඔයාව මතක නෑ "
" නෑ එහෙම වෙන්න බෑ ආශු ඔයාට ඔයාගෙ ආදරේ ඔයාගෙ මේට්ව අමතක කරලා ඉන්න බෑ තව ටිකක් උත්සහ කරන්න නේශ් ඔයාට මාව මතක් වෙයි. මට ඒක විශ්වාසයි "
"ම්ම්ම් කොච්චර මතක් කරත් මට ඔයාව මතක් වෙන්නෑ ඔයත් මගෙ ගිය ආත්මේ ඉදන් මාව දන්න කෙනෙක්ද. අයේශ් කියන්නේ මගෙ ගිය ආත්මේ නම හරියටම මීට අවුරුදු 21 කට කලින් තිබුනු නම සමාවෙන්න මන් ඔයා හිතන කෙනා නෙවේ "
" නෑ නෑ අයේශ් තුශෙල් ඔයාව රවට්ටලා ඔයා මගේ, ඔයා මගේ මේට් මේ බලන්න ඔයා මට ඇල්ෆා කින්ග් ලගදිම දුන්නු මුදුව ඒක මන් ලග අදටත් ආරක්ශිතයි."
අකේන් තමන්ගෙ ශර්ට් එකකේ කොලර් බට්න් එක ගලවලා ඔහුගේ බෙල්ලේ තිබුනු කොල , නිල් , දම් ,රෝස මුසු වුනු මුදුව මට පෙන්නුවා
YOU ARE READING
Super Moon 🐺🐾BL
Werewolfපාලුව...තනිකම...දැන් මේවා මගේ ජීවිතෙ ම කොටස් වෙලා. ආදරය , වෛරය , ඊර්ෂ්‍යාව සහ පලිගැනීම නිල් දම් කොල සහ රතු ඇස් හිමිකරුවන් සමග බැදී එකිනෙකාගේ ජීවිත වලට කෙසේ බලපෑම් කරයිද. November 11 ( 11:11 ) මගෙ මුලු ජීවිතය ම වෙනස් උන දවස ඒ super moon එක නිසා ඔව්...