🍓පලමුවෙනි ස්පර්ශය🍓

155 13 5
                                    


අවුරුදු පහකට පස්සෙ ආයෙත් මතකයන් පිරුණු මේ ලෝකෙට අඩිය තියද්දිම මට මතක් වුනේ සතුට පිරුණු මගේ ආදරණීය පවුල..ඒත් මගේ කියල කියන්න පුළුවන් මේ ලෝකේ මට දැන් ඉතුරු වෙලා ඉන්න එකම පවුල මගේ ඩැඩා විතරයි. මම මගේ ජීවිතය නැතිකරගන්න හිතුව දවසෙම මගේ ජීවිතයේ මම ගොඩක්ම ආදරය කරපු මගේ මමා මාව දාලා යද්දි මට වුනු හැමදේම එක පිට මමාගේ මරණයත් මට දරාගන්න වුනා.මමා ගෙ මරණය එක්කම මාව ඩැඩා විසින් කැනඩා යවන්නෙ නැන්දා ගාවට.මාව පිටරටකට යැව්වම කාලයත් එක්ක මගේ හිතත් හැදෙයි කියල එයා හිතන්න ඇති.. ඒත් තවමත් මගේ හිතේ වුන හැමදේම තාමත් ඒ විදියටම දෝංකාර දෙනවා. හිතේ තියෙන්නෙ එකම එක පසුතැවීමක් විතරයි.මමා ව බලන්න එදා දවසේ මට කලින් යන්න බැරිවුන එක ගැන.අන්තිම වතාවට මගේ මමාව හම්බවෙන්න තිබුණ අවස්ථාවත් මට නැතිවුණා ඒ අඳුරු රාත්‍රියේම.

මම එයාපෝර්ට් එකට එනකොටත් ඩැඩා ඇවිත් තිබුනා.ඒ මූණ ඉස්සරටත් වඩා වෙනස් වෙලා.කිහිපවරක් ඔහු කැනඩා ආවත් නොදැකපු මාස ගානට ඔහු ඇදිල ගිහිල්ලද කියලත් හිතුනා.මමාගෙ මරණයත් එක්ක ලොකු දුකක් ඒ හිතේ තිබුණ කියන්න රහසක් නෙවෙයි.මට වගේම ඔහුටත් ඒ දේවල් දරාගන්න අමාරුවුනා.

ඒත් අපි තාමත් හිනාවෙනවා ඒ පුරුද්දට ද නැතිනම් වේදනාව සඟවන්න ද....

මිනිසුන්ගේ චෝදනා හමුවේ ඔහුට නොසැලී සිටින්න තරම් ශක්තිමත් හිතක් තිබුණ එක ගැන මට හිතේ කොනක සතුටක් තිබුණා.ඒ සෑම චෝදනාවක්ම තම දියණියගේ මරණය සැක සහිතයයි තම මිත්තණිය පැවසූ නිසාවෙනි.නමුත් එහි සැකයක් තියෙන්නට නොහැක..එය ස්වාභාවික මරණයක් බව තහවුරු වූයේ අවසාන නඩු තීන්දුවේදීය.

"ඩැඩා...."

මම ඩැඩා ව හග් කරේ අවුරුදු ගාණකින් දැක්ක වගේ.ඒ තරමට ඩැඩා නැති අඩුව සමහර තැන්වල හොඳින් ම දැනුනා.

"ශනුද් අපි යමුද.......හැමෝම බලන් ඉන්නව ඔයා එනකම්......"

ඩැඩා ගෙ මූණෙන් ලොකු සතුටක් පේන්න තිබුණා.

"හැමෝම......."

ඒක හිතට තදින්ම වැදුනා.
ඩැඩා ගෙ ලොකු කලබලයක් දැක්කත් ඒ මම කාලෙකින් ආපු නිසාද කියලත් හිතුනා හැමෝම කියල ඉතින් ගෙදර ඉන්නෙ ඩැඩා ගෙ අලුත් වයිෆුයි එයාගෙ දුවයි විතරයි. ඩැඩා ට අලුත් මැරේජ් එකකට යන්න අවසර දුන්නෙ මමමයි.එයා මගෙන් ගයා ආන්ටි ගැන අහද්දී හිතේ අකමැත්තක් තිබුණත් කවදහරි ඩැඩා තනිවෙයි කියන බයට මම ඒකට කැමැත්ත දුන්නා.ඒත් මගෙ කුඩම්මා වුන එයා කවදාවත් මට එයාගෙම දරුවෙක්ට වගේ කැමතිවුනාද කියලත් සැකයි.කවදාවත් මගේ හිතේ ඒ ගැහැනු රුව ගැන පැහැදීමක් නොතිබුණත් ඒ ගැන නොපෙන්වන්න උත්සාහ කරා.කලාතුරකින් කතා කරපු ඇය වැඩකට නැති ගොසිප් ගැන පැය භාගයකටත් වඩා අඩුවෙන් කතා කරන්න ඇති.ඒත් රෝස් නම් මං ගැන පැහැදීමකින් හිටිය කියන්න ඇයගේ කතාවෙන් පවා ඔප්පු වුණා. දවසේ සිදුවීම් හැමදේම ඇයට මා හරහා දැනගන්න ඕන වුනා.ඉතින් ඇයත් මා එනතෙක් නොඉවසිල්ලෙන් ඉන්නව කියන්න පුළුවන්.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now