"මමා එක්ක"
"ඔව් මම එහෙම අහල තියනවා මමාගෙ ඇසිස්ටන් විදිහට ඉදල තියනවා කියලා"
එහෙම වෙන්නෙ කොහොමද ගයා ඉදල තියෙන්නෙ මමාගෙ ලඟමද...මම හැමදේම ගැන නොදැන ඉන්න එක හරි.. මම කවදාවත් ගයාගෙ හිස්ට්රි එක ගැන හෙව්වෙ නැහැනෙ..හොයන්න ඕන වුනෙත් නැහැ...
ඒත් ඇයි ගයාව මට මතක නැත්තෙ...
මමාගෙන් පස්සෙ හැමදේම ගයා බලාගත්තා එකේ වැරැද්දකුත් නැහැ එහෙනම් මේ හැමදේටම කලින් ඉදන් ගයා ට්රේන් වෙලා හිටියෙ මමාගෙන්... ඒකයි දැන් ගයා මෙතන හැමදේම කන්ට්රෝල් කරන්නෙ...
ඉරත් බැහැගෙන ගිහින් ටිකෙන් ටික අදුරත් වැටෙන්න පටන් අරගෙන.ඈත පේන අහසෙ නිල් පාට අතරට තද තැඹිලි පාට ඇවිත් හැදුනු මිශ්ර පාට හරිම ලස්සනයි...ටිකෙන් ටික අහසත් ගිනි පැහැයට හැරවෙනවා බලන් ඉද්දිම... සීතල සුළං පහසත් රැළි හඬත් ගතට වගේම දෙසවනටත් සහනයක්.ඈතින් ඈතින් එන විශාල රළ පහරවල් ලඟට එද්දි කුඩාවෙලා කකුල් අතරෙ පෙණ එකතු කරනවා...වෙලාකට අහම්බෙන් එන විශාල රැල්ලක් මුළු ඇඟම තෙතබරිත කරනවා...
පුංචි කාලෙ රැල්ල පාගන්න යද්දි මම මමාගෙ ඇගේ දැවටෙන්න බයට.මට මතකයි මම අවුරුදු දොළහෙදිත් රැල්ලක් එද්දි තනියම හිටගෙන ඉන්න බයයි...මට දැනුනේ රැල්ලත් එක්ක මාවත් මුහුදට ඇදිලා යනවා වගේ...දැන් එහෙම බයක් දැනෙන්නේ නැහැ...මම ආසයි පුළුවන් තරම් මුහුද මැදට ඇවිදින්න... කවදාවත් මුහුදෙ ගිලෙයි කියන බය හිතට ආවෙ නැහැ....
මට ඈතින් පේන දර්ශනය හරිම ලස්සනයි මාම් ඩෑඩ් එක්ක අත අල්ලගෙන වැල්ලෙ ඇවිදගෙන යනවා...තිසරු කේතක අයියවත් ඇදගෙන ගිහින් රැල්ල එක්ක පොරබදිනවා...
මිනිස්සුන්ගෙ කලබලකාරී ජීවිතවලට සැනසීමක් ලැබෙන්න ඕන...නැත්නම් අපිට අපිවම මඟහැරිලා අමතක වෙලා යනවා..තමන් කවුද කියන එකත් හොයාගන්න බැරිවෙන තරමට...
හයියෙන් ආව රැල්ලක් මගින් නතර වෙලා රළ වේගයත් අඩුවෙලා ගියා.මම මුහුදට ඇවිදගෙන ගියේ එකපාරටම ආපු ආසාව නිසා.ටිකෙන් ටික කකුල් වැහෙන තරම් ඇවිදගෙන ගියා.
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...