🍓හත්වෙනි ස්පර්ශය🍓

68 7 3
                                    



දවසින් දවස කාලය ගෙවිල ගිහින් මම මේ විදිහට මැරි කරන දවසක් ඒවි කියන එක දැනගෙන හිටියත් අද දැනුනෙම හරි අමුතු හැගීමක්.ඒ දවස් ඉක්මනට ආව නිසා වෙන්න ඇති.....මම මේ ගත්තෙ හරි තීරණයක් ද දන්නේ නැති වුනත් මේ ගැන වගකීම ජීවිත කාලෙටම මම ගන්නවා.......ඔව්..............

වතුර බිංදු ඇඟට වැටෙද්දි පුදුම තරම් සනීපයි......අද සීතල වතුරෙන්ම මාව තෙත් වෙද්දි වෙනද වගේ දරාගන්න අමාරු වුනේ නැහැ......ඇති තරම් හිතේ හැටියට මම ෂවර් එක යටට වෙලා හිටියෙ ඒ නිසාමයි.........

වොශ් දාලා ඉවර වෙලා තෙත කොණ්ඩෙත් පිහදාන ගමන් ශනුද් කණ්නාඩිය ඉස්සරහට ඇවිත් හිටගත්තා...ඉස්සර ගැහැණු ලමයි පිරිමි ලමයි නිතරම මම දිහා නිතරම බලද්දි මම දැනගත්තා හැමෝටම වඩා විශේෂ පෙනුමක් මට තියනවා කියලා....ගොඩක් වෙලාවට ඒ දේවල් වලට නොසන්සුන් වුනත් කාලයත් එක්ක හැමදේටම හුරුවුනා. හැමෝටම ආවේනික සුන්දරත්වයක් තියනවා....ඒක බලන ඇස් අනුව තමයි වෙනස් වෙන්නෙ....මමා කියන විදිහට ඩැඩා ගෙ කඩවසම් පෙනුමම මටත් තියනවලු.... ඉස්සර මමාත් ඩැඩා ට වශී වුනේ ඩැඩාගෙ කඩවසම් පෙනුම නිසාලු..........

ඒත් එකම එක කෙනෙක් විතරක් බැලුවෙ මගෙ ඇස් දිහා..........

ඇඳගෙන ඉවර වෙලා පහලට යද්දිම කාර් හෝන් සද්දෙන් ආවෙ මිහිරු කියල මම අඳුරගත්තා...එයා මාව ගන්න ඇවිත් කිව්ව විදිහටම වෙලාවට.

"අපි එන්නම් ඔයාලා යන්න රේණුකත් ආවා කිව්වා"

"හරි එහෙනම් ඔයාලා එන්නකෝ"

"අයියා පරිස්සමින්"

මිහිරු ශනුද් රේණුකා තුන්දෙනාම සැලෝන් එකට වෙලාවටම ආවා.දෙන්නව අන්දන අතරෙ රේණුකත් ඔවුන් ට උදව් කරා.ඒ අතරේ ශනුද්ගෙ ගෙදර අයත් ඇවිත් හැමෝම ඇදගෙන මේකප් කරල ඉවර වෙලා ශනුද්ගෙ ගෙදර යද්දි ශනුද් මිහිරු දෙන්න එක්ක රෝසුත් ගියේ  ශූට් එක කරන ලොකේෂන් එකට.ශූට් එකෙන් පස්සෙ නමයහමාර වෙද්දි කපල් එකට ගෙදරට එන්න පුළුවන් වුණා.

වෛවර්ණයෙන් මුළු ගෙදරම හැඩවෙලා. මුළු ගෙදරම සරසලා තිබුනෙ ෆ්‍රෙෂ් මල් වලින්.ලස්සනයි වගේම හිතපිනා යන සුවඳකින් අවට පිරිලා.ශනුද්ගෙ ගෙදර හරියට මාළිගාවක් වගේ සරසලා.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now