🍓විසිහත්වෙනි ස්පර්ශය🍓

30 5 5
                                    


"තිසරු....."

කේතක තිසරු දිහා බලාගෙන හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන.තිසරුත් එහෙමයි.ඔහු හැමදේම දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන්.ශනුද්ට බය හිතුනෙ තිසරු හැමදේම ගැන වැරදියට හිතයි කියලා.ශනුද් කේතකගෙ දිහා බැලුවෙ නොසන්සුන් තමන්ව සන්සුන් කරගන්න බැරුව.තාමත් හයියෙන් ගැහෙන හදවතත් ශනුද්ට වදයක් වුණා.ඒ දැනුන අමුතු බයටද කේතක ලංවුන නිසා ද නැත්නම් ආයෙත් තමන්ට හැමදේම පාලනයෙන් තොරවෙන්න පටන් ගන්න නිසා ද කියල ශනුද්ට හිතාගන්න බැරිතරම් ඔලුව අවුල් වුනා.

"අයියා කිව්වා ලන්ච් එකට එන්න කියන්න කියලා"

තිසරු කිසිම දෙයක් නොදැක්ක ගානට කියල එතනින් යද්දි කේතකත් රූම් එකෙන් එලියට ගියා.ශනුද්ට ආයෙත් එදා රෑ වුන දේවල් ටික ටික මතක් වෙන්න ගත්තා.ශනුද් ඉක්මනට බාත්රූම් එකට ගිහින් ආයෙත් මූණ හෝදගෙන රිදෙන තරම් තදින්ම කොණ්ඩෙ අල්ලගත්තා.

නැහැ...නැහැ.....හැමදේම...හැමදේම හොඳින්...ඒක හීනයක්... හීනයක්....

ශනුද් ඉක්මනට ලන්ච් එක ගන්න ගියේ හැමෝම තමන් එනකම් බලන් ඉන්න නිසා මිහිරුත් නෑවිත්ම තිසරු අතේ පණිවිඩේ එව්වෙ තමන්ව බලන්න එන්න අකමැති නිසා කියලයි ශනුද්ට හිතුනෙ.

හැමෝම ලන්ච් එක ගන්න අතරේ සැරින් සැරේ ශනුද් බැලුවෙ කේතක දිහා.ඔහුගෙ හැසීරිම ගනන් නොගෙන හිටියත් ඒක සාමාන්‍යයි කියල හිතල හදාගන්න නම් ශනුද්ට අමාරුයි.මිහිරු කේතකව මගහැරලා ටිකක් ඉන්නව කියල හිතාගෙන ආයෙත් කන්න ගත්තෙ කිසිම කෙනෙක් දිහා නොබලා.මිහිරුත් අද කන අතරෙ කිසිම කතාවක් නැහැ. ජේන් රේණුකා දෙන්නගෙ කටහඬ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගෙ කටහඬක් කන අතරෙ අද ඇහුනෙ නැහැ.ශනුද් කාටත් කලින් කාලා නැගිටලා විලා එකේ මිදුල පුරා ඇවිදගෙන ගියා.ශනුද් එක තැනක නතර වුනේ දැකල පුරුදු මූණක් දැක්ක නිසා.

"ශිවාන් අන්කල්......."

ශිවාන් එකපාරටම හඬ ඇහුන පැත්ත බැලුවත් ශනුද්ව අඳුරගන්න ටිකක් වෙලා ගියා. කටපුරා හිනාවෙන ගමන් ශිවාන් හරි ඉක්මනට දුවල ආවෙ ශනුද් ලඟට.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now