ශනුද්ට මහන්සි දැනුන නිසා ටිකක් රූම් එක ඇතුළට වෙලා ඇදේ හාන්සියක් දාගෙන හිටියා.කෝල්ස් චෙක් කරන්න ෆෝන් එක අරගෙන බලද්දි ඈන්ගෙන් මිස් කෝල් ගොඩක් තිබුනම ශනුද් බය වුනේ හදිස්සියක් ද දන්නෑ කියල.
"සොරි ඈන් වැඩත් එක්ක ෆෝන් එක බලන්න බැරිවුණා හදිස්සියක් ද"
"දෙව්"එහාපැත්තෙන් ආව ඒ හඬ වෙව්ලනවා.
"මොකද වුනේ......"
"මට.................ඔයා නැතුව පාළුයි...........මට ඔයාව බලන්න එන්න ඕන........මාව තනිවෙලා වගේ දැනෙන්නේ"
"ඈන්...වෙඩින් එකේ වැඩත් එක්ක මට මේ ටිකේම කතා කරන්න බැරිවුනාට සොරි.... ඔයා දැන් කොහෙද ඉන්නෙ......."
"මම අද ගෙදර........"
".ආයෙත් දෙන්න රණ්ඩු වුනානෙ...."
"හේසන් තමයි හැමවෙලාවෙම මාව අවුස්සන්නෙ....හෙට දවසවත් එයාට මතක නැහැ..."
"තව වෙලාව තියෙනවනෙ ඈන්...තාම ඔය පැත්තට දවල්.....දොළහ වෙන්න තව ගොඩක් වෙලා තියනවා..."
"ඔයා කවදත් ගන්නෙ හේසන්ගෙ පැත්ත...ඔයා මුලින් මගෙ යාලුවද වුනෙ..එයාගෙද......"
"ඔය දෙන්නම මගෙ යාලුවො....දෙන්නම මට ඕන.......මෙහෙට දැන් රෑ වෙලා...ඔයා වෙඩින් එකට එනවනෙ...එන්නෙ නෑ කියන්න එපා අනිවාර්යයෙන්ම දෙන්නම එන්න ඕන..හොඳද......ආවම අල්ලගන්නම්කෝ......."
දවසක් භාගෙට ගෙවිලා ගිහින්.හෙට දවස විතරක් ඉතුරු වෙලා...ගෙදර එන්න කාලයක් බලන් ඉදපු ඒ සතුට නැති වෙලා ගිහින් ආයෙත් කාලෙකට සතුටක් වත් ජීවිතේ ඉතුරු නොවෙයිද කියල බයක් හිතට ඇති වුනේ නැතිවම නොවෙයි.
මේ වෙනකොට ගෙවින් නවම් යශෝද තුන් දෙනාම බරටම වැඩ.රෝසුත් අද දවසම ගැවසුනේ ශනුද්ගෙ යාළුවො එක්ක. තිසරුත් ඒ අයට උදව් වුනා.ගයා රේණුකා ඕන කරන කෑම බීම ගැන හොයල බලල පිළිවෙලක් කරා.ගයන්තයි ජේනුයි ටෙන්ට් ගහන්න උදව් වුනා.
ශනුද් පහළට ආවෙ අනිත් අය මොකද කරන්නෙ කියල බලන්න..ඒ එද්දි ගෙවින් සෙට් එකම වටකරගෙන බර කයියක. රෝස් තිසරු දෙන්නත් ඒ අයට සෙට් වෙලා හිටියේ.රෝස් ගෙවින්ල එක්ක බරටම කයිය ගහන්නෙ හරියට කාලෙක ඉදන් දන්නව වගේ.ශනුද්ට පුදුමත් හිතුනා
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...