ඒ මිහිරු.ශනුද්ට දැනෙන සුවඳින් කවුද කියල අඳුරගන්න අමාරුවුනේ නැහැ.ඒ නිසාම එහෙමම හිටපු ශනුද්ට රූම් එකේ දොර ඇරෙනවා ඇහෙද්දි හදවත වේගෙන් ගැහෙන්න ගත්තෙ වෙන කවුරුහරි කෙනෙක් මේ වෙලාවෙ දෙන්නව දකී කියලා.ශනුද් අතේ තිබුණ ෆොටෝ එක පපුවට තියල තදකරගෙනම බාගෙට ඇරුණු දොරෙන් බලාගෙන හිටියා.
ඒ ගයාගෙ ඇසිස්ටන්.ඇය යනවත් එක්කම හැඩිදැඩි අත් ලිහිල් වෙද්දි ශනුද් ලොකු හුස්මක් ගත්තා.
"ඔයා මොකද මෙතන කරන්නෙ"
"මම හොරෙක් අල්ලන්න ආවා"
"හොරෙක්..."
"ඇයි දැන් හොරෙක් වගේ ලොකර් එක කඩන්න හැදුවෙ"
"මම මොකටද ලොකර් එක කඩන්නෙ.. අනික ඇයි මම හොරෙක් වෙන්නෙ... ඉන්න...ඔයා මාව ෆලෝ කරා ද"
"මම දැක්කා ශනුද් මේ පැත්තට එනවා...මම කතා කරාට ඇහුනෙ නැහැ"
"කතා කරා......"
එකපාරටම දොර ඇරෙන සද්දයක් ඇහෙද්දි දෙන්නම බයවෙලා වගේ බැලුවෙ දොර පැත්ත. දොරත් ඇරගෙන ඇතුලට ආව ඇසිස්ටන් එකපාරටම ශනුද්වයි මිහිරුවයි දැක්කම බයවෙලා කෑගැහුවෙ ලඟම ඉදපු සිකියුරිටිලා දෙන්නට.
"තමුන්ලා මෙතනට ආවෙ කොහොමද..."
"අපි........"
ශනුද් මිහිරුව නැවැත්තුවා.සිකියුරිටි එකේ අය දෙන්නම අරගෙන යන්න හදද්දි ගයා වෙලාවටම එතනට ආවා.
"මොකක්ද ඔය කරන්නෙ...."
"මමා..................."
මිහිරු කියද්දි ඇසිස්ටන්ගෙ ඇස් දෙක ලොකුවුනා විතරක් නෙවෙයි කටත් ඇරුනා.මේ මූණ මෙහෙම වෙනවා කියල ශනුද් දැනගෙන හිටියා.ඇසිස්ටන් බයවෙලා වගේ මිහිරු දිහා බලල ගයා දිහා බැලුවා.අතේ තියන ෆයිල් එකත් එක්ක අත වෙව්ලනව දකිද්දි ශනුද් ඇය ලඟට ආවා.තමන්ගෙ ජොබ් එකත් නැතිවෙයි කියල බයක් ඒ හිතේ තියනවා ඇති.
"වාස් එකට හිතුවට වඩා අඩුවෙන් අරන් තියෙන්නෙ"
ශනුද් කටකොනින් හිනාවුණා.ඇය මේ වෙලාවෙ ඒ වචන ගනන් ගත්තෙ නැහැ.
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...