🍓විසිඅටවෙනි ස්පර්ශය🍓

32 6 4
                                    



"මට ඔයත් එක්ක කතාකරන්න ඕන..."

"මමා ඔයා එනකම් බලාගෙන..අපි යමුද..."

මිහිරු ශනුද් එක්ක හැමදේම පස්සෙ කතා කරල විසඳගන්න හිතුව නිසා දැන් ඒ දේට අවධානය නොදී අනිත් අය ඉන්න පැත්තට ගියා.මිහිරු ශනුද් තිබුණ හිස් පුටු දෙකේ වාඩිවුණා.ගයා ශනුද් දිහා බැලුවෙ හිනාවෙන ගමන්.

"ඉතින් ශනුද් පුතා...කොහොමද හොඳයි ද මෙහෙ...කාලෙකින් ආවෙත් නැහැනේ"

"හොඳයි"

ගයා අහද්දී ශනුද් ඕනවට එපාවට වගේ උත්තර දුන්නෙ.මිහිරුට එක දෙයක් කාලයක ඉඳන් තේරුණා.ගයාට මාම් නොකියන එකත් ගයා කතාකරද්දි වැඩි කැමැත්තකින් කතා නොකරන එකයි.ඒ ශනුද් ගෙ කුඩම්මා වුන ගයාට ශනුද් අකමැති නිසා කියල මිහිරු හිතන්න ගත්තා.මිහිරු ශනුද්ගෙ කරට අත දාගත්තෙ ශනුද් අවුලෙන් කියල අනිත් අයට නොදැනෙන්න.

"ශනුද් මට කියල තිබුණ විදිහටම හැමදේම තියනවා..අර දියඇල්ල..ඒක නම් මරු"

"මමා කීයටද යන්නෙ අපිත් තව පැයකින් පිටත්වෙන්න බැලුවෙ"

"මාත් කියන්න හිටියේ ගයා අපි එක්කම යන්න පුළුවන්නෙ"

"මම දැන්ම යන්නෙ නැහැ රේණුකා... ටිකක් රෑ වෙයි...ගයන්තත් එනවා කිව්වා...."

"ආ....ඩැඩාත් එනවද..."

ශනුද්ගෙ ෆෝන් එක රින්ග් වුන නිසා ශනුද් එතනින් නැගිටලා ටිකක් ඈතට ඇවිදගෙන ගියා.මිහිරු බලන් හිටියෙ ශනුද් කතා කරන්නෙ කාත් එක්කද කියල. කතාබහ අතරේ මිහිරුත් නැගිටල ශනුද් ලඟට ඇවිත් හිටගත්තා.

"ඇයි...මොකද....."

ශනුද් කල්පනාවෙම ෆෝන් ස්ක්‍රීන් එක ඔන් කරල වෙලාව බැලුවා.වෙලාව හරියටම දෙකයි හතලිස් පහයි.ශනුද් වටපිට බැලුවෙ කවුරුහරි තමන් දිහා බලාගෙනවත් ඉන්නවද කියලා.

"ශනුද්....ප්‍රශ්නයක් ද"

"ආ...නැහැ..මුකුත් නැහැ...."

"අපි කීයටද යන්නෙ"

"තව පැයකින් වගේ යනවා කිව්වා ඩෑඩ්"

ගයා අනිත් අය එක්ක ලොකු කතාවක. ශනුද් ආයෙත් එතනට නොයා වොශ් රූම් යනවා කියල මිහිරුටත් කියලා එතනින් යන්න ගියා.මිහිරුට ශනුද් ගැන අමුත්තක් දැනුනත් වෙලාවකට ශනුද්ගෙ හැටි එහෙමයි නිසා ගනන් නොගෙන අනිත් අය ඉන්න තැනට ගිහින් ඒ අයගෙ කතාවට එකතු වුණා.ටිකකින් මිහිරු එතනින් නැගිට්ටෙ කෝල් එකක් ගන්න ගමන්.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now