ඇයි මාව මේ තරම් අසරණ කරන්නෙ... මම කරපු වරද මොකක්ද...මම සතුටින් ඉදපු කාලය හරිම පොඩි කාලයක් කියල මට ආයෙත් මතක් වෙන්න ගත්තා...
මිහිරු.....ඒ උබම තමයි......
අවුරුදු පහකට පස්සෙ දකිනව වුනත් ඉස්සර තිබුන පෙනුම එහෙම්මමයි...කිසිම වෙනසක් නැහැ....ආයෙත් නොදකින්න හිතාගත්තත් මාවම ඒ ඉස්සරහට ආයෙත් අරගෙන ගිහින්...........මට විශ්වාස කරන්නත් අමාරුයි........මේක හීනයක් නෙවෙයි කියල මම හොඳටම දන්නවා...........
"ශනුද්...........ඔයා.........................."
හැමෝගෙම අවධානෙ ගියේ මිහිරු දිහාවට.මිහිරු ශනුද් ව දන්නව කියල කවුරුත් දැනගෙන හිටියෙ නැහැ.
"ඔයා මගෙ පුතාව දන්නවද.........."
"ආ.............ම්ම්ම්ම්......මේ...,අපි සෙන්ට්රල් එකේ එකම ක්ලාස් එකේ හිටියෙ"
"ඕහ්.....බලන්නකෝ ඒකත් හරි පුදුමයි දෙන්නම සෙන්ට්රල් එකට ගිහින් තියෙන්නෙ අනික දෙන්නම ක්ලාස් මේට්ස්ලා"රේණුකා කිව්වෙ සතුටින් ඉපිලෙමින්.
තවත් එතන ඉඳගෙන ඉන්න තරම් හිතේ හයියක් නොතිබුනත් වෙන කරන්න දෙයක් නැති තැන වාඩිවෙලා ඉන්න වුනා.
ඒත් එක්කම රෝස් හැමෝටම බීම ඇල්ලුවා. ඒ වෙලාවෙන් ප්රයෝජන ගත්ත ශනුද් එතනින් අයින් වෙලා එළියට ආවා.ලොකු හුස්මක් අරන් පිටකරපු ශනුද් කොණ්ඩෙ අවුල් කර ගත්තේ වෙන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව.
එන්ගේජ් වෙන්න මම ජීවිතේ අකමැතිම කෙනත් එක්ක...ඒක කොහොමද කරන්නෙ....නෑ......මේක වෙන්න බෑ.....මට මේ දේවල් කරන්න බෑ.... ඩැඩා..... බැ...හැ...මම හැමදාම ප්රාර්ථනා කරේ මගේ ජීවිතේට සාමකාමී සතුටක් නිදහසක් දෙන්න කියල......ඒත් ඒ හැමදේම කනපිට ගැහිලා ලැබෙනවා........
හදිසියේම මගෙ අතින් තදකරල අල්ලපු කවුරුහරි මාව පස්සට ඇදල ගත්තා.ඒ වෙනකවුරුත් නෙවෙයි මිහිරු කියල ඒ අත ගෑවෙද්දිම ශනුද් ට දැනුනා.අවුරුදු ගානක් ගියත් ඒ දේවල් තාමත් මට හුරුයිද...
"මේ ඔයාම නේද ශනුද්,මම ඔයාව හැමතැනම හෙව්වා..."
මාව හෙව්වා....ඇයි....වුන හැමදෙයක්ම ලෝකෙට කියන්නද....
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...