🍓හයවෙනි ස්පර්ශය🍓

71 8 7
                                    



රෝස් වෙඩින් එකට එන අයට බෙදන්න හදපු වෙඩින් කේක් ටික පෙට්ටිවලට දාන්න ගත්තා.වෙඩින් කේක් දාන පෙට්ටිය ඩිසයින් කරල හැදුවෙත් රෝස්ම තමයි. ඇය ඒ වැඩේ නම් කැමැත්තෙන්ම බාරගත්තා.රෝස් ගෙ වැඩ පිළිවෙලයි වගේම කලාත්මකයි.ඒ දේවල් ගයාගෙන් ලැබුනෙ කියන්න සැකයක් නැහැ.ශනුද් පහළට එනගමන් හෙව්වෙ රෝස්ව.ඇය කිචන් එකේ ද කියල හිත හිතම ශනුද් ඒ පැත්තට ගියා.

"අයියා........."

"මම හිතුව ඔයා මෙතන ඇති කියල...මාත් හෙල්ප් එකක් දෙන්නද"

"එපා අයියා..තව ටිකයිනෙ..ඔයා දැන් ටිකක් රිලැක්ස් එකේ ඉන්න"

"ඕකේ.......මම එහෙනම් තනියට මෙතනින් වාඩිවෙලා ඉන්නම්කෝ"

"ඒක නෙවෙයි අයියා වෙඩින් ඩ්‍රෙස් හරිද"

"ඔක්කොම වගේ රෙඩි..."

"වෙඩින් එක ගන්න විතරද තියෙන්නෙ"

රෝස් හිනාවෙවී කිව්වම ශනුද් ට ලැජ්ජාවක් දැනුනා.

"ඔයා රතු වෙලා"

"මම"

"ඔව් ඔයා තමයි........ඒත්........ ඔයා ගියාම මට තමයි පාළු.."

"මම ආයෙ කවදාවත් මේ ගෙදරට එන්නෙ නෑ කියල හිතුවද අනික ඔයාට මාව බලන්න ඕන වුනොත් ඔයා එන්න ඕනවෙලාවක"

"ඒකට ඉතින් ටවුන් එකටම යන්නන් වෙනවනෙ"

"ටවුන් එකට"

රෝස් ගැස්සුනා විතරක් නෙවෙයි කටින් පැන්න දේ නිසා මූණත් එක්ක අවුල් ගියා.

"ඇයි ටවුන් එකට යන්නෙ මිහිරුගෙ ගෙදර තියෙන්නේ ටවුන් එකේ නෙවෙයිනෙ"

රෝස් ගෙ මූණෙ තිබුණ බැල්ම එක්ක ශනුද්ට ඇතිවුනේ සැකයක්.

"නෑ.......මේ.....මම කිව්වේ...."

"ඔයා මට මොනවහරි හංගනවද රෝස් මට ඇත්ත කියන්න මොකක්ද ඒ කතාවෙ තේරුම"

"මිහිරු අයියා ටවුන් එකෙන් ගෙයක් ගත්තා"

"මොකක්ද"

"අයියා මාත් එක්ක තරහද මමා කිව්වා මිහිරු අයියා මේක ඔයාට දෙන සප්‍රයිස් එකක් නිසා ඔයාට කියන්න එපා කියල"

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now