🍓අටවෙනි ස්පර්ශය🍓

62 5 0
                                    



ඈත ශනුද් ව පේන්න හිටියෙ නැහැ වගේම පිරිසක් වටවෙලා ඉන්නව දැක්කම එතන මොකද වෙන්නෙ කියල හිතට දැනුන බයත් එක්ක මිහිරු එතනට දුවල ගියා. පිරිස අතරින් ඇතුලට යද්දි මිහිරු දැක්කෙ බිම වැටිල ඉන්න ශනුද්ව.මිහිරු ආවත් එක්කම ශනුද් මිහිරු දිහා බැලුවෙ අමාරුවෙන් වගේ.

"ශනුද්....................මොකද වුනේ.............ඇයි මේ................."

"මේ සර් එක පාරටම වැටෙන්න ගියා......මම මේ හරියෙම මගේ වයිෆ් එක්ක ඉදිද්දි මම දැක්කා සර් ටිකක් අමාරුවෙන් වගේ ඉන්නවා කියලා......මම මේ සර් හොඳින් ද අහන්න එද්දිම තමයි සර් පණනැතිව වැටුනෙ"

"මට.....මට.....දැන් ප්‍රශ්නයක් නැහැ"

ශනුද් අමාරුවෙන් වචන ගැටගහද්දි මිහිරු ශනුද් ව නැගිට්ටවගෙන ඇඟට වාරු කරගත්තා.

ඇයි මාව ෆේන්ට් වෙන්න ගියේ.....ඇයි මට මේ තරම් සීතලක් දැනෙන්නෙ ඇඟටත් හරිම අමාරුයි හරියට කවුරුහරි පොල්ලෙන් ගහල වගේ.............

මම මිහිරු දිහා බලද්දි ඔහු හුඟක් කලබලවෙලා කියල පෙනුනා... එක පාරටම මාව කරකැවිල වැටෙන්න යද්දි ආව ඒ මනුස්සයා නොහිටින්න මම එතන වැටිලා උදේ වෙනකම් ඉදීවිද.....නැහැ....... මිහිරු මාව හොයාගෙන ඒවි........මම අඳුරු වුන වටපිටාවෙ මිහිරුව පැහැදිලිව දකිද්දි ඒ වෙලාවෙ මට ලොකු ආරක්ෂාව දැනුනා..... ඔහු මම ගැන විමසිල්ලෙන් ඉන්න ඇති........

මම ගැන වදවෙන්න ඕන නැති නිසාම අමාරුවෙන් හරි ඇවිදගෙන යන්න මට ඕන වුනා.ඒත් අඩියක් තියන්න අමාරු තරම් ඇගට පණක් නැහැ.

"ශනුද්..ඔයාට අමාරුනම් කියන්න.....අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු"

ඔහු මාව වාරු කරගෙන ලිෆ්ට් එකට ආවෙ රූම් එකට යන්න.

"ඔයාට මාව ඇහෙනවනෙ"

"ශනුද්.........ඔයාට බඩපිරුණෙ නැද්ද....මම මොනවහරි ඕඩර් කරන්නම්......."ඔහු දිගින් දිගටම මාත් එක්ක කතා කරේ මම ෆේන්ට් වෙයි කියල බය හිතුන නිසා වෙන්න ඇති.......

මම මුකුත්ම නොකිය ඔහු එක්කම රූම් එකට ආවෙ අමාරුවෙන් හරි ඇස් දෙක ඇරගෙන.ඔහු කලබලවෙලා මෙතන තව ප්‍රශ්නයක් ඇති වෙයි කියල හිතුන නිසාම මම හොඳින් කියල ඔහුට පෙන්වන්න උත්සාහ කරා.උදේ වෙද්දි මේ ඇගේ අමාරුව අඩුවෙලා යාවි.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now