🍓දහනවවෙනි ස්පර්ශය🍓

38 7 6
                                    


ජේන් ආවටත් පස්සෙ හැමෝම එකට ඩිනර් ගනිද්දි තිසරු විතරක් රූම් එකේම ඩිනර් ගත්තා.රේණුකත් ඔහුව මහන්සි කරවන්න අකමැති නිසාම රූම් එකටම ඔහුට හදපු සුප් එක ගිහින් දුන්නා.

"පොඩීට දැන් ඇඟට අමාරු නැහැනෙ රේණුකා"

"දැන් නම් ඇඟට පණ තියනවා බඩට කෑම වැටුනනෙ"

"මම හිතුවෙ හෙට අපි එළියට ගිහින් ටිකක් ඇවිදලා ආවනම් හොඳයි කියලා කාලෙකින් අපි කොහෙවත් ගියෙත් නැහැනෙ..තිසරුටත් හොඳයි රූම් එකට වෙලා පොතේම ඉන්නවට වඩා"

"අයිඩියා එක නම් මරු ඩෑඩ්"

මිහිරුටත් කාලෙකින් පවුලෙ අය එක්ක එලියට යන්න බැරි වුන නිසා ජේන් ඒ ගැන කියද්දි නම් සතුටුවුණා.

"ශනුද්...මොකද කියන්නේ පුතා..."

ශනුද්ට මතක් වුනේ හෙට යශෝදව බලන්න යන්න ඉන්නව කියන එක.

"ආ....ඩෑඩ්...හෙට ශනුද්ගෙ යාලුවෙක් ගෙ ගෙදර යන්න දාගත්තනෙ"

"එහෙනම් අපි යශෝදව උදෙන් ගිහින් බලල එමු"

ශනුද් කිව්වෙ ජේන් ගෙ බලාපොරොත්තු නැති කරන්න තිබුණ අකමැත්ත නිසා.මේ ගමනට පවුලෙ හැමෝම එකතු වෙනවට ජේන් කැමති කියල ශනුද් දැනගෙන හිටියා.

"මෙහෙම කරමු අපි ලන්ච් එකත් අරගෙනම යමු අපිට ඉරිදා දවසත් තියනවනෙ"

"ඩෑඩ් යන්න තැනක් බැලුවද"

"තාම නැහැ"

"එහෙනම් අපේ ගන්දූවේ විලා එකට යමු ඒ පැත්ත බීච් එකත් අයිනෙ නිසා හැන්දෑවට ලස්සනයි"

"ගන්දූවෙ විලා එක ලස්සනයි කියල නම් මාත් ගයාගෙන් අහල තියනවා..ජේන්
අපි මේ පාර ශනුද්ලගෙ විලා එකට ගිහින් බලමු"

ශනුද්ටත් මේ ගමන ගැන හිතේ කැමැත්තක් තිබුණෙ හුඟ කාලෙකින් ගන්දූවේ විලා එකට නොගිය නිසා. ගයන්තගෙ තීරණ එක්ක ආයෙත් විලා එක තමන්ගෙ තැනක් වගේ සදහටම තියේවිද කියල ශනුද්ටත් හිතට සැකයක් තිබුණා.

~ ~ ~ ~ ♡ ~ ~ ~ ~

මිහිරුට කලින්ම වොශ් එකක් දාගත්ත ශනුද් මිහිරු දුන්න බොටමයි ටී ෂර්ට් එකයි දාගෙන බැල්කනියට ආවා.ඒ ඇඳුම් වලින් මිහිරු ලගින් එන සුවඳ දැනෙද්දි නොදැනීම ශනුද් ලොකු හුස්මක් ගත්තා. මිහිරු තාමත් බාත්රූම් එකේ.නින්දකුත් අහලකවත් නැති නිසා අඳුරු වළාවලින් බරවුණු අහස දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ආයෙත් රූම් එක පුරාම හරි අවධානයෙන් බැලුව ශනුද් නැවතුනේ පොත් රාක්කය ලඟ.එක එක වර්ගයේ නම් තිබුණ නවකතා පොත් ගොඩක් තියෙද්දි ශනුද්ට තේරුණෙ මිහිරු කාලෙක ඉදන් පොත් කියවන්න පුරුදු වෙලා කියලා.පොත් රාක්කයේ උඩම රාක්කයේ තිබුණ පොත් අතරින් අහම්බෙන් ගත්ත පොත එක්කම පොත් පිටු අතරේ තිබිලා වැටුනෙ ෆොටෝ එකක්.ඒක වැටුනෙ අනිත් පැත්තට නිසා ෆොටෝ එකේ තිබුන දේ ශනුද් දැක්කෙ නැහැ.ඒක අතට ගන්න පහත් වෙනවත් එක්කම එතනට ආව මිහිරු වැටුන ෆොටෝ එක අරගෙනත් ඉවරයි.ශනුද්ගෙ අතේ තිබුණ පොත අරගෙන ඒ පිටු අතරෙම ෆොටෝ එක දාලා මිහිරු ආයෙත් පොත උඩම රාක්කෙන් තිබුණ තැනම තිව්වා.ශනුද් පුදුමෙන් බැලුවෙ ෆොටෝ එක ගැන තිබුණ කුතුහලයටත් වඩා පොත තිබුණ තැනම පිලිවෙලටම තියනවා දැක්කම.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now