🍓එකොලොස්වෙනි ස්පර්ශය🍓

43 6 0
                                    



මිහිරු උදෙන්ම අවදිවෙලා ඔෆිස් යන්න ලේස්තිවුණා.වෙඩින් එකෙන් පස්සෙ යන පලවෙනි දවස නිසා ටිකක් වේලාසනම යන්න මිහිරු තීරණය කරා.කණ්ණාඩියෙන් මූණ බලන ගමන් ඔහු බැලුවේ කණ්ණාඩියෙන් පේන තවමත් නිදාගෙන ඉන්න ශනුද් දිහා..

"ඊයෙ රෑ හරියට නින්ද යන්නෙ නැතුව ඇති..පණ්ඩිතකමට ගියානේ සෝෆා එකට"

මිහිරු හිත හිතම කොණ්ඩෙත් හැදුවා. මිහිරු ගහපු පර්ෆියුම් එකේ සුවඳටම ශනුද් අවදිවුනේ ලොකු හුස්මක් ඉහලට අදින ගමන්.

"ගුඩ් මෝනින්..............."ඈලි මෑලි අරින ගමන් නැගිටින ශනුද් දිහා හැරිල බලපු මිහිරු හිනාවෙන ගමන් කිව්වා.

"ගුඩ්මෝනින්....."

ඕනවට එපාවට වගේ ශනුද් ඒක නම් කිව්වෙ.

ශනුද්ට දැනුනේ අපහසුවක්.ඒ ඇඳ උඩ නිදාගෙන ඉඳපු නිසා.උදෙන්ම අවදිවෙන්න හිතාගෙන ඇඳට ගියත් ශනුද්ට හොඳටම නින්ද ගිහින් තිබුණා.

"පණ්ඩිතකමට සෝෆා එකට ගියාට මොකද නින්ද ගියේ නෑනෙ"

ශනුද් මුකුත් නොකියම බිම බලාගත්තා.

"මම කෑම හදල තියෙන්නෙ...ඔයාට බඩගිනි උනොත් කැමති මොනවහරි හදාගෙන කන්න..ෆ්‍රිජ් එකේ ඕන කරන හැමදේම තියනවා"

"තව දෙයක්...අඳුරන්නෙ නැති කවුරු ආවත් ගේට් එක අරින්න යන්න එපා"

මිහිරු කිව්වෙ ශනුද් දිහාවට තියුණු බැල්මක් හෙලන ගමන්.ශනුද් කල්පනා කරේ එහෙම කිව්වෙ ඇයි කියල..

මිහිරු ලේස්තිවෙලා ඉවර වෙලා පහළට යන්න රූම් එකේ දොර ගාවට ගිහින් ආයෙත් හැරුණෙ ශනුද් ලඟට යන්න. ෆෝන් එකත් අතට ගත්ත ශනුද් වෙලාව බලල ආයෙත් ෆෝන් එක ටේබල් එක උඩින් තියද්දි  ඔලුව උස්සල බැලුවෙ එකපාරටම මිහිරු ඔහුගෙ පැත්තට ආව නිසා.

ඒත් එක්කම ශනුද්ගෙ නළලට හාදුවකුත් දුන්න මිහිරු ශනුද් දිහා බලල හීනියට හිනාවුණා.

"මම එනකම් පරිස්සමින් ඉන්න"

ශනුද් ඇස් දෙකත් ලොකු කරගෙන බලපු බැල්මට ඔහු පුදුම වුණා කියල මිහිරුට හිතුණා.මිහිරු ගියත් ශනුද් තාමත් දොර දිහා බලාගෙන.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now