ශනුද් බිමට වැටුන පාරට දැනුන රිදුමත් එක්ක කෑගෑහුන නිසා අවට බැලුවෙ ඒ සද්දෙට මිහිරු කලබල වුනාද දන්නෙ නැහැ කියල හිතන ගමන්. ශනුද් සුදුම සුදු පුළුන් බෝලයක් වගේ පූසත් පරිස්සමට තුරුළු කරගෙනම වැටුන තැනින් නැගිටල ඉක්මනට ආවෙ විලා එකට යන පාර ලඟට.ගස් අස්සෙන් අස්සෙන් අමාරුවෙන් එද්දි හිතුව වගේම මිහිරු ඔහුට කතා කරනව ඇහෙද්දි පූසවත් තුරුලුකරගෙන ශනුද් ඒ පැත්තට දිව්වා.හරියට දෙන්න එකම තැනට වැටුන නිසා ශනුද්ට සහනයක් දැනුනෙ මිහිරු මේ කැලෑවෙ අතරමං නොවුන එක ගැන හිතලා.ශනුද් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මිහිරු ආයෙත් අඩිය ඉක්මන් කරල විලා එකට යන්න ආවා.
"කිටියෝ ....බය වෙන්න එපා....මම ඔයාව පරිස්සමට ගෙනියන්නම්"
ශනුද් මිහිරු පස්සෙන් ඉක්මනට විලා එකට යන පාර දිගේ අඩිය ඉක්මන් කරා.කාගෙ වුනත් හුරතලේට ඇතිකරපු පූසෙක් කියන එක කරවටේ තිබුන බෙල්ට් පටියෙන් ශනුද්ට හිතාගන්න පුලුවන් වුනා.දෙන්නම විලා එකට එද්දි ඈත ඉදන් පොඩි ගැහැණු ලමයෙක් අඬාගෙන ආවෙ ශනුද් ලඟට.
"මගේ කිටී......."
"ඔයාගෙ කිටී කැලේ අතරමං වෙලා හිටියෙ"
"කිටීව බේරගත්තට තෑන්ක්ස් අයියා....මම එයාව දිය ඇල්ල ගාවට අරගෙන ගියා ඊට පස්සෙ මට හොයාගන්න බැරිවුණා"
"හ්ම්ම්ම්...මම ශනුද්...ඔයාගෙ නම මොකක්ද"
"තුල්සි"
"තුල්සි...කිටීව ආයෙත් නැතිකරගන්න එපා හොඳද...පරිස්සමට බලාගන්න"
"හරි ශනුද් අයියා"
තුල්සි එයාගෙ සාක්කුවෙන් ගත්ත ටොෆියක් ශනුද් අතේ තිව්වෙ එයාගෙ කිටීව බේරගත්තට ස්තූති කරන්න.ශනුද් හිනාවෙලා ඒක බාරගත්තා.තුල්සි පූසගෙ අයිතිකාරයා නිසා ශනුද් පූසව බාර දීලා ආයෙත් රූම් එකට ආවෙ ඔහුව මගහැරල මිහිරුත් රූම් එක පැත්තට ගිය නිසා.
රූම් එකට එද්දිම එතන අවුල් ජාලයක්. දෙන්නගෙ ඇඳුම් ඇඳ පුරාම වීසිකරලා තිබුණ විතරක් නෙවෙයි ශනුද් ආසම මිහිරුගෙ පර්ෆියුම් එක බිදිලා ගිහින් වීදුරු කටු බිම හැමතැනම විසිරිලා ගිහින් තිබුණා.මිහිරු ඇදුම් මාරු කරලා.ඔහු ඇඳ කොනේ වාඩිවෙලා පර්ෆියුම් එක දිහා බලාගෙන හිටියෙ.
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...