හිසට දැනුන බර ගතියත් එක්ක හරි අමාරුවෙන් ඇස් ඇරිය ශනුද් මිහිරුව හෙව්වත් කාමරේ පේනමානයක වත් ඔහු හිටියෙ නැහැ.ශනුද් කොණ්ඩෙත් අවුල් කරන ගමන් කණ්ණාඩියට එබුණෙ ඇස් දෙක ඉදිමිලා කියල දැනුන නිසා.ශනුද් වොශ් එකක් දාගෙන එලියට ඇවිත් කොණ්ඩෙත් හදන ගමන් කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන ඉඳිද්දි එක පාරටම මතක් වුනේ ඊයෙ ශනුද්ව හම්බවෙන්න අශ්වින් ආව එක.ඒත් තමන් හොඳ සිහියෙන් හිටියෙ නැති නිසා ඔහු එක්ක කතා කරපු දේවල් වත් හරියට සිහියක් තිබුණෙ නැහැ.අඩුම තමන් රූම් එකට ආවෙ කොහොමද කියලවත් මතකයක් ඔහුට තිබුණෙ නැහැ.ඒත් එක්කම දොර ඇරගෙන ඇතුලට ආවෙ මිහිරු කියල හිතල ශනුද් ඉක්මනට දොර ගාවට ගියත් ඒ තිසරු.
"බ්‍රෙක්ෆස්ට් එක ගන්න එන්න"
"මිහිරු කොහෙද...."
තිසරු ක්ෂණිකව අතුරුදහන් වුනේ කිසිම ගානක් නැතුව.කවුරුහරි මට එන්න කියල කියන්න කිව්ව නිසා තිසරු කරන්න දෙයක් නැති තැන එන්න ඇති.
"අනේ මන්දා මොන තරහක් ද කියල"
ශනුද් ආයෙත් කණ්ණාඩියට එබිලා කොණ්ඩෙත් හදාගෙන එලියට ආවෙ මිහිරුගෙ පිච්ච සුවඳ පර්ෆියුම් එකෙනුත් පොඩ්ඩක් ගහගෙන.ශනුද් රූම් පේලියක් පහු කරගෙන එද්දි හදිසියේම ඇහුණු කටහඬ එක්ක ආයෙත් නතර වෙලා අහගෙන හිටියෙ පුරුදු කටහඩක් නිසා.ඒත් එක්කම දොර ඇරෙද්දි ශනුද් අඩිය ඉක්මන් කරලා එතනින් ආවෙ කවුරුවුනත් හොරෙන් අහන් හිටියා කියලා තේරුණොත් හොඳ නැති නිසා. බඩගින්නකුත් තිබුණ නිසා අනිත් අය හොයාගෙන කලින් කෑම ගත්ත තැනට එද්දි එතන කවුරුත්ම හිටියෙ නැහැ. ශනුද් විලා එකේ ඇවිදලා බැලුවෙ අනිත් පැත්තෙ හරි ඇති කියල හිතලා.හිතුව වගේම හැමෝම හිටියා.
"ශනුද් පුතා ගුඩ් මෝනින්"
"ගුඩ් මෝනින් මාම්...ගුඩ් මෝනින් ඩෑඩ්"
"ගුඩ් මෝනින් පුතා"
ටේබල් එකට කෑම තියන ගමන් කේතක ශනුද් දැක්කම හිනාවුණා.ඒත් වටපිට බැලුවෙ කවුරුහරි හොයන්න වගේ.
"ශනුද් ගුඩ් මෝනින්...කෝ මිහිරු..."
"මිහිරු ආවෙ නැද්ද"
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...