🍓දහඅටවෙනි ස්පර්ශය🍓

32 5 0
                                    



මිහිරු ඔෆිස් එකට ආවත් කල්පනා කරේ කලින් මන්දාරා කියපු දේවල්.

ඉස්සර හැමදේම හොඳින් වුනානම් අද මගේ ජීවිතේ හොඳින් ගෙවේවිද..මම මන්දාරා සතුටින් ඉදිවීද...ශනුද් ඔහු කවදාවත් මේ ජීවිතේට නෑවිත් ඉදීවිද...

මොන දේ වුනත් මම එක දෙයක් දන්නවා මගෙ ජීවිතේට සතුට ගේන්න පුළුවන් එකම කෙනා ශනුද් විතරමයි...

ඒ අතරේ මිහිරු ගෙ ෆෝන් එක රින්ග් වුනේ රේණුකාගෙන් ආව කෝල් එක නිසා. සාමාන්‍යයෙන් ඔෆිස් ටයිම් එකේ රේණුකාගෙන් කෝල් එන්නෙ කලාතුරකින් නිසා හදිසියේම ආව රේණුකාගෙ කෝල් එක මිහිරු ඉක්මනින් ආන්ස්වර් කරා.
රේණුකාගෙ කෝල් එකෙන් පස්සෙ කලබල වුණ මිහිරු ජේන්ගෙ රූම් එකට දිව්වෙ දැනටමත් ජේන්ගෙ ෆෝන් එකට රේණුකා ගත්ත කෝල්ස් වලට ජේන් ආන්ස්වර් කරල නොතිබුණ නිසා.

"ඩෑඩ්....................."

කලබලෙන් දොර ඇරගෙන ඇතුලට ගිය මිහිරු වටපිට බැලුවෙ ඒ වෙනකොටත් ජේන් තවත් කිහිප කෙනෙක් එක්ක මීටින් එකක හිටපු නිසා දැනුන අපහසුතාවය එක්ක.හැමෝම ඔහු දිහා බැලුවෙ බැලුවෙ පුදුමෙන් වගේ කුතුහලයෙන්.

"එහෙනම් අපි ආයෙත් ෆ්‍රී වෙලාවක මීට් වෙමුකෝ"

රූම් එකේ ඉදපු කිහිපදෙනා එලියට ගියාම ජේන් කලබලයෙන් මිහිරු ලගට ආවෙ.

"මොකද වුනේ.....ඇයි මේ.....කලබලෙන්.."

"පො....ඩී.....පොඩී.......හොස්පිට්ල් ඇඩ්මිට් කරලා......"

"මොකක්.......මගෙ ෆෝන් එක කොහෙද..."

"අපි ඉක්මනට යමු ඩෑඩ්...මාම් ඔයාට කෝල් අරගෙන"

ජේන් ෆෝන් එක චෙක් කරන ගමන් දෙන්නත් එක්කම කලබලයෙන් පහලට ආවා.දෙන්නම හොස්පිට්ල් එකට එද්දිත් රේණුකා පුටු පේළියෙ අයිනෙ පුටුවක වාඩිවෙලා ඔලුවටත් අත්දෙක ගහගෙන අඬ අඬම ඉන්නවා දකිද්දි මිහිරු අඩිය ඉක්මන් කරල එතනට ආවා.

"මාම්....මොකද වුනේ......"

"රේණුකා පොඩීට මොකද......."

"පොඩී රූම් එකේ වැටිල හිටියා එයා ගේනකොටත් සිහිය තිබුණෙ නැහැ...අනේ මට බයයි ජේන් දරුවට මොනවහරි වෙයිද කියල...මගෙ අහිංසක දරුවා..."

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now