"ශනුද්"
ආයෙත් දොරෙන් ඇතුලට ආව කේතක ශනුද්ව උඩ ඉදන් පහලට බලන ගමන්ම ශනුද් ලඟට ආවා.
"ඇඳුම් මාරු කරගන්න...ලෙඩ වෙයි"
ශනුද්ට ඇදුම් තෙත් වෙලා කියලත් මතක් වුනේ ඒ වෙලාවෙ.ශනුද් තෙත් වුන ඇදුම් එක්ක හැමෝම ඉස්සරහට යන්න බැරි නිසා ඇඳුම් මාරු කරගන්න හිතාගෙන රූම් එකෙන් එලියට ආවා. කේතක තාමත් ඇතුලෙ.කේතකගෙන් අහන්න දාහක් දේවල් හිතේ තිබුණත් හැමදේම ඔලුවෙ තියාගෙන රූම් එකට යන්න හැදුවෙ වෙන වෙලාවක අහනව කියලා හිතාගෙන.
ශනුද් එයාලට ලැබුණ රූම් එකට ඇවිත් ඇදුම් මාරු කරගෙන රූම් එකෙන් එලියට එද්දි කේතක දොර ලඟ හිටගෙන ඉන්නව දැක්කම ගැස්සුනා.කේතකත් ශනුද් පසසෙන්ම රූම් එක ලඟට ඇවිත් ශනුද් එනකම් බලාගෙන ඉදලා.දෙන්නම ආයෙත් එද්දි හැමෝම ඔවුන් එනකම් බලාගෙන ඉන්නවා.
"ශනුද්ව හොයන්නත් යන්න වෙයි කියලයි අපි හිතුවෙ"
මිහිරු ශනුද් දිහා බලන ගමන් කිව්වා. මිහිරුගෙ මූණත් අවුල් ගිහින් කියල ශනුද්ට තේරුණා.
"පොඩි ගර්ල් කෙනෙක් පූල් එකට වැටුණා.. ශනුද් දැක්ක නිසා හොඳයි"
කේතක එහෙම කියාගෙන පුටුවත් ඇදගෙන වාඩිවුණා.
"දැන් කොහොමද ඒ ගර්ල්ට"
"වතුරට වැටුන ගමන් වගේ ගොඩට ගන්න පුළුවන් වුන නිසා ගොඩක් වතුර පෙවිලා නැහැ මාම්..."
"දැන් කාලෙ ලමයි ගැන හරිම අවධානෙන් ඉන්න ඕන"
ජේනුත් එහෙම කියාගෙන වාඩිවුණා.
"ඇත්ත...හැමෝටම හුඟක් බඩගිනිත් ඇති...අපි කමු ද "
ශනුද් කිව්වෙ තිසරු දිහා බලාගෙන.තිසරු ගෙ බැල්ම නිසා ශනුද්ට හිතුනෙ තිසරුට බඩගිනි ඇති කියලා.හැමෝම ඩිනර් අරගත්තට පස්සෙ සිංදු කියල නටලා විනෝද වුනා. මිහිරුට වගේම ජේන්ටත් තිසරුටත් සිංදු කියන්න පුළුවන් කියල ශනුද් දැනගත්තෙත් අද. මිහිරුට ලස්සනට සිංදු කියන්න පුළුවන් වුන එකත් පුදුමයක් නෙවෙයි.පොඩි බංකු වල රවුමට වාඩිවෙලා වටයක් ගැහිලා පැය දෙක තුනක්ම හැමෝම සතුටින් කාලය ගත කරා.
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...