🍓තුන්වෙනි ස්පර්ශය🍓

79 10 4
                                    



ශනුද් ගෙවින් දෙන්නම ක්ලබ් එකේ ඇති තරම් පදම් වුනේ ඉස්සර ඉදන් ආශ්‍රය කරපු යාළුවො සෙට් එකත් එක්ක.ශනුද් ඒ අයව අඳුරගත්තෙත් ගෙවින් ගෙ මාර්ගයෙන්.

ඉතින් මොන දේටත් එකිනෙකා තාමත් ඉන්නවා.

"ඉතින් උබ මිහිරුව මැරි කරනවද"

"මට වෙන කරන්න දෙයක් නැහැ මම කොහොමද ඩැඩාට පිටුපාන්නෙ..ඩැඩා හැමදාමත් වගේ මාව විශ්වාස කරනවා.. මට ඒ විශ්වාසය කඩන්න බැහැ බං"

"ශනුද් උබ ගෙ වෙඩින් එකට අපි ෆුල් සපෝර්ට් එක ආයෙ ඉතින්..උබ කාලෙකින් සෙට් වුනා..ආව ගමන් මැරි කරනවා මරු.. මරු..මගෙන් සුබපැතුම්!!"

ඒ යශෝද.යශෝද හැමදේටම බොක්කෙන්ම උදව් කරන ජාතියෙ කෙනෙක්.

"ඔව් බං...අවුරුදු විස්සෙන් උබ මැරේජ් ලයිෆ් එකකට යනවා...ඇත්තටම මට නම් හරි සතුටුයි උබ ගැන.."

නවම් කිව්වෙ ශනුද්ව බදාගන්න ගමන්.

"මොකක්ද බං මට නම් කිසිම සතුටක් දැනෙන්නේ නැහැ අනික ප්‍රපෝසල් එකක්... දැන්ම මැරි කරොත් මගෙ නිදහස අඩු වයසකදිම නැතිවෙලා යනවා"

හැමෝටම සතුටක් දැනෙනවා ඇති..ඒත් මගේ හිතේ විතරක් පෑරෙන වේදනාව ගැන තේරුම් ගන්න කාටවත් බැහැ.මාව බෙල්ල මුලින් හිර කරනවා වගේ හැගීමක් හිතට එන්නෙ. මම හීන දැක්ක ආසාවෙන් ඉදපු ජීවිතය තව ටික දවසකින් නැති වෙනව කියල හිතෙද්දි නොපෙනෙන තැනකට අතුරුදහන් වෙලා යන්න තිබුනනම් කියල හිතෙනවා...

යශෝද නවම් එක්ක ගෙදර ගියා.ශනුද් ගෙවින් දෙන්න විතරක් ක්ලබ් එකේ තනිවුනා.

"උබ ඩැඩා ට ඇත්ත කියපන්.."

"කොහොමද ඒ දේවල් කටක් ඇරල මම කියන්නේ"

"එහෙනම් මම කියන්නම්"

එයින් බිඳෙන්නේ තවත් හිතක් නොවේද...එයට වඩා සියල්ල සඟවාගෙන සිටීම සැමට යහපතක් නොවේද....

~ ~ ~ ~ ♡ ~ ~ ~ ~

ශනුද් උදේ අවධිවුනේ රෝස් ගෙ හඬට.

"අයියා,ඔයා ඊයෙ ගෙදර ආව විදියනම් මරු..."

ඊයෙ ගෙදර ආවෙ කොහොමද කියලවත් මතක නැති වෙන්න තරම් මත් වී සිටි බව නම් සහතිකය.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now