මිහිරු අවට අයගෙත් උදව් ඇතුවම ශනුද් ව අරගෙන රූම් එකට ගියා.පිරිස අතරෙ ඉදපු කෙනෙක් ඩොක්ටර් කෙනෙක්වත් සම්බන්ධ කරගත්ත වගේම ඩොක්ටර් ආවටත් පස්සෙයි ඒ අය පිටවෙලා ගියේ.
"ඔයා පේෂන්ට්ගෙ කවුද"
"මම හස්බන්ඩ්.....ඩොක්ටර් එයාට මොකද වෙලා තියෙන්නේ"
"පේෂන්ට් මේ ටිකේ ගොඩක් මහන්සිවෙලා තියනවා.."
"ඩොක්ටර් අපේ වෙඩින් එක තිබුනෙ ඊයෙ.."
"ආහ්..ඒක තමයි...නින්ද අඩුවෙන්න ඇති"
"ඔය දවස් වලට ස්ට්‍රෙස් ත් එනවා..ඒකට තමයි මෙහෙම ඇගට අමාරුවෙන්නෙ.අද එළියත් වෙනදට වඩා රස්නෙයි නෙ...ඒකයි ෆේන්ට් වෙලා තියෙන්න...බය වෙන්න දෙයක් නැහැ නින්ද තමයි ඕන. අවදිවුනාම අමාරු ගතිය ඇරිල යයි.....මම බෙහෙත් ලියන්නම් ෆාමසියෙන් ගන්න"
"තෑන්ක්ස් ඩොක්ටර්"
"ඕකේ....එහෙනම් පේෂන්ට් ව හොඳින් බලාගන්න...
ඩොක්ටර් රූම් එකෙන් ගියේ මිහිරුටයි ශනුද්ට යි සුභපැතුම් එක් කරලමයි. මිහිරු නිදාගෙන ඉන්න ශනුද්ගෙ ඇඟ හොඳින් රෙද්දෙන් වහල ඇවිත් සෝෆා එකෙන් වාඩිවුණා.
මට එයාව හොඳින් බලාගන්න තිබුණා... වෙඩින් එකට ගොඩක් මහන්සි වුණානෙ... පව්........
ශනුද්ව සුදුමැලි වෙලා ගිහින්.ඔහු මේ විදිහට දකිද්දි මට ඔහු ගැන දුක හිතුනා. ඊයෙ තිබුණ ලෙඩ ගතිය දවසෙම ඇගේ තියෙන්න ඇති..මට ඒ ගැන බලන්න බැරි වුනා...මිහිරුටත් පාර්ටි එකට යන්න හිත දුන්නෙ නැත්තෙ අසනීපයෙන් ඉන්න ශනුද්ව දාලා යන්න බය හිතුන නිසා. මිහිරුත් ඇඳට ගිහින් ඔහු ලඟින්ම නිදාගත්තා. මිහිරු අවදිවුනේ ජේන් ගෙන් ආව කෝල් එකෙන්. තද නින්දෙ හිටිය නිසා ශනුද් ඒ සද්දෙට ඇහැරුණේ නැහැ.
"ශනුද් ට මොකද වුනේ..මට දැන් තමයි ආරංචි වුනේ"
මිහිරු හිමින් ඇඳෙන් බැහැල බැල්කනියට ආවා.
"ඩෑඩ්.........."
"ලොකු ප්‍රශ්නයක් නැහැ අද වැඩිපුර එළියෙ ඉදපු නිසා ෆේන්ට් වුනේ...ඩොක්ටර් බලල බය වෙන්න දෙයක් නැහැ කිව්වා"
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...