🍓දහහතරවෙනි ස්පර්ශය🍓

33 7 0
                                    


සිහින් සිරුරක් සහ ඊට සරිලන උසක් සහිත අවුරුදු තිස්පහක් පමණ වයසැති මනා රූ සපුවකින් පරිපූර්ණ ගැහැණු කෙනෙක් කඩා හැලෙන කොණ්ඩයත් අතින් හදන ගමන්ම මිහිරුට තියුණු බැල්මක් දාලා තිබුණ පුටුවත් ඇදගෙන ඔහු ලඟම වාඩිවුණා.ඇය ධනවත් පවුලකින් පැමිණි බවට බැලූ බැල්මටම ඔහුට තේරුණා. ඇයගේ පර්ෆියුම් සුවඳත් මුළු පරිසරයම වෙලා ගනිද්දි මිහිරු ඇය දිහා කුතුහලයෙන් යුතුව බලාගෙන හිටියා.

"ඇයි මට මැසේජ් දාලා මේ වගේ තැනකට එන්න කිව්වෙ...අනික මාව දන්නේ කොහොමද"

"මම ශනුද්ගෙ අම්මා"

මිහිරු ටිකක් කලබල වුනත් වෙන දේ හිතාගන්න බැරුව බලාගෙන හිටියා.ශනුද් ඔහු ගැන ශනුද්ගෙ අම්මට මොනවගේ දෙයක් කියලද කියල සැකයෙන් නලලත් රැළි කරගෙන ඇය දිහාවට හැරුණා.

"මට වැදගත් දෙයක් කතාකරන්න තියනවා"

"මාත් එක්ක?"

"ශනුද්ට කරදර කරන එක නවත්තන්න..."

කට කොනින් හිනාවෙන ගමන් මිහිරු එතනින් නැගිට්ටෙ ඔවුන්ගෙ කතාව ඉස්සරහට දරුණු වෙනව කියල දන්න නිසාමයි.ශනුද් කියන මාතෘකාව එද්දි ඔහුට එදා වගේම අදටත් හිතට ආවෙ තරහක් විතරමයි.

"මම මෙතනට ආවේ බිත්තිවලට කතා කරන්න නෙවෙයි...දැන්ම වාඩිවෙන්න"

ඇය කිව්වෙ මිහිරුට වාඩි වෙන්න අණ කරමින් ඔහු දෙසට මුලදි දැම්ම ඒ බැල්මත් එක්කමයි.ඇයගෙ බැල්මත් එක්ක මිහිරු ආයෙත් වාඩිවුණේ වටපිට බලන ගමන්.

"ශනුද් කිව්වද මම එයාට කරදර කරනව කියල........"

"මම හැමදේම දැනගෙනයි මෙතනට ආවෙ..ඔයාට එක්සෑම් එක ගොඩ දාගන්න යන ස්කූල් එකේම ඉන්න ඕන නම් මගෙ පුතාට පාඩුවේ ඉගන ගන්න දෙන්න"

"මේකත් හොඳට අහගන්න..ආයෙත් එක පාරක් හරි මගෙ පුතාට රිදවල තිබුණොත් මම ඔයාව ලේසියෙන් අතහරින්නෙ නැහැ......."

"පුතාටත් චණ්ඩිකම් ආවෙ කොහෙන්ද කියල මට හිතාගන්න පුළුවන්"

මිහිරු කටකොනින් හිනාවීගෙන ඇය දිහාවට බැල්මක් දෑවෙ නෝන්ඩියට වගේ.ඔහුගෙ ඒ බැල්මත් එක්ක නොසන්සුන් වුනු ඇයගෙ ඇස් ඔහු දිහාවටම හැරිල තිබුණා.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now