"මිහිරු සර්............."
ඈත ඉදන් ශේෂා දුවගෙන ආවෙ මිහිරු ලිෆ්ට් එකට එනවත් එක්කමයි.ඇයත් ඔහු එක්කම ලිෆ්ට් එකට ආවා.
"සර් අද සතුටින් වගේ"
ශේෂා හිනාවෙන ගමන් කිව්වෙ මිහිරු දිහාවට විමසිලිමත් බැල්මක් හෙලන ගමන්.ඔහු එයට හිනාවුණා විතරයි. ශේෂත් ඔහුගෙ හිනාව දිහා බලාගෙනම අඩිය තිව්වෙ ඒ හිනාවට වශීවෙලා වගේ. දෙන්නත් එක්කම එකටම ඔෆිස් එකට එද්දි ජේන් ඔවුන් දිහා බලාගෙනම හිටියෙ අවධානයෙන්.ජේන් ඔවුන් ඉස්සරහට ම ඇවිත් නතර වුනා.
"ගුඩ්මෝනින් ජේන් සර්"
"ගුඩ්මෝනින්"
ඔහු ඇය දෙස බලල ආයෙත් මිහිරු දිහාවට හැරෙද්දි ශේෂා එතනින් යන්න ගියා.
"මම අද ඩෑඩ්ටත් එක්ක ලන්ච් එක ගෙනාව" ජේන් හිටියෙ කල්පනාවක.
"ලොකු පුතා පොඩීට කතා කරාද"
"ඇයි පොඩීට මොකද"
"පොඩී රූම් එකේමයි කියල රේණුකා කියවනවා"
"පොඩීට එක්සෑම් එක නේද..."
"වැඩිය එළියට එන්නෙ නැහැලු කන්න විතරක් එනවලු ඒකත් කිහිපසැරයක් කතා කරාම.ඇහුවම එක්සෑම් එක ගැන බයයිලු පොතේම හිටියොත් නම් ඔය ළමයට පිස්සු හැදෙයි.. කතා කරල බලන්නකෝ වැඩිය මහන්සිවුනොත් එක්සෑම් දවසට ලෙඩ වෙයි...මම ගෙදර යද්දි මිනිහ නිදි..වැඩට එද්දි ස්කූල් ගිහින්"
"හරි මම කතාකරන්නම්කෝ ඩැඩ්"
"අද ප්ලෑන්ස් මුකුත් තියද"
"අද ශනුද්ලයි ගෙදර යන්න ඉන්නෙ"
"හරී එහෙනම් වේලාසනින් ඕෆ් වෙලා යන්න...මතක ඇතුව පොඩීට කතා කරන්න"
~ ~ ~ ~ ♡ ~ ~ ~ ~
ශනුද් රූම් එක අස්කරල පිළිවෙල කරා. සෝදල වේලල තිබුණ මිහිරුගෙ ඔෆිස් අදින ෂර්ට්ස් ටිකත් නවල අල්මාරියෙන් තියල මිහිරු කියවන පොත් ටිකත් පිළිවෙල කරල ඔහු කබඩ් එක උඩ තියන පර්ෆියුම් පේළිය ලඟ නතර වුණා.මිහිරු කලාතුරකින් පාවිච්චි කරන පිච්ච සුවඳ පර්ෆියුම් එක අතට අරගෙන රූම් එක පුරාවටම ස්ප්‍රේ කරපු ඔහු ඒ සුවද වින්දෙ ලොකු හුස්මක් ගන්න ගමන්මයි.
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...