🍓තිස්වෙනි ස්පර්ශය🍓

32 5 2
                                    


"තේරුමද තේරුම මම උබට පිස්සුවෙන් වගේ ආදරේ කරා......"

ශනුද් උස්හඬින් කියද්දි මිහිරු තාමත් ශනුද් දිහා බලාගෙන හිටියෙ කිසි දෙයක් හිතාගන්න බැරුව.

"ශනුද් ඔයා ඇත්තටම මට අන්තිම මොහොත වෙනකම් ආදරේ කරාද....ඔයා කැමති වුනේ මටද....එතකොට අර එදා මට අහුවුන ලෙටර් එක....ඒක අශ්වින් ට ලියපු එකක් නෙවෙයිද"

"ඒ ලෙටර් එක කියවලවත් කාටද ලිව්වෙ කියල තේරුම් ගන්න බැරිවුණා.... කොහොමත් කවදාවත්ම උබට ඒ දවස්වල මට ආදරේ කරන්න බැරි වුනා... මම ඒක දැනගෙනත් ඉවසගෙන උබ මත්තෙම හිටියා...මම මොන විදියට මගෙ හැඟීම් කිව්වත් උබට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුණා...මම මොනදේ කරත් මට උබව අමතක කරන්න බැරි වුණා...ඒ තරමට මට උබව ඕන වුණා...."

"ශනුද්...මම හැමදේම තේරුම් ගන්නකොට පරක්කු වැඩියි..ඒ වෙනකොටත් ඔයා මාව දාලා අතුරුදහන් වෙලා ගිහින්"

"උබ....උබ මහ ආත්මාර්ථකාමියි....උබට ඕන වුනාම විතරක් මාව හෙව්වා....උබ මගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරේ.... එක මොහොතකටවත් හිතුනෙ නැද්ද මම උබ එක්ක හිටියෙ උබට විශේෂ කරල සැලකුවේ මම කැමති නිසා කියල...."

ශනුද්ගෙ ඇස්කොනට උනපු කදුළු මිහිරු නොදැක්කා නෙවෙයි.මිහිරු ලොකු හුස්මක් අරගෙන පහලට දැම්මෙ අතින් කොණ්ඩෙත් අවුල් කරන ගමන්.

"මට ඒක විකාරයක් කියල හිතුනා....මට කෙල්ලො ඉද්දි ඇයි ඒ ඔයාම වෙන්නෙ කියල හිතෙද්දි ඇත්තමයි මට ඒක අමුතු වුනා....මම මාවම නවත්තන්න උත්සාහ කරල කියල මට දැන් තේරෙනවා"

"මම ගේ කියල පිලිකුලක් හිතෙන්න ඇති ඔව් ඒකතමයි මාව පහත් කරන්න ඕන වුනේ මගෙන් පලිගන්න ඕන වුනේ"

"අනේ එහෙම නැහැ ශනුද් මට එහෙම ඔයා ගැන හිතුනෙ නැහැ ඔයා මට හොඳින් සැලකුවා ඔයා එක්ක ඉන්න හැම තත්පරේම මට කියාගන්න නොතේරුණ හැඟීමක් තිබුණා...."

"උබ ඒ හැඟීම් එක මොහොතකට හරි තේරුම් ගත්තනම් අද මම උබට මේ තරම් වෛර කරන එකක් නැහැ"

මිහිරු ඒක නොදන්නව නෙමෙයි.ඉස්සර ඉදන් තිබුණ පසුතැවීම මේ හැමදේටම මුල තමන්ගෙ හැඟීම් ඒ කාලෙම තේරුම් ගන්න බැරිවුන එක කියල මිහිරු තදින්ම විශ්වාස කරා.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now