ශනුද් උදේ අවදි වෙද්දි හිටියෙ සෝෆා එකේ...ඔහුට සෝෆා එකේ නින්ද ගිය විදිහ නම් මතකෙ තිබුණෙ නැහැ.
"මම කොහොමද මෙතනට ආවෙ....අනික කෝ මිහිරු.........."
වටපිට බැලුවත් මිහිරු පේන්න හිටියෙ නැති නිසා ශනුද් ඔහු බාත්රූම් එකට යන්න ඇති කියල හිතල ඇස් පොඩිකරන ගමන් නැගිට්ටා.ඊයෙ රෑ පාර්ටි එකෙන් පස්සෙ අන්තිමට වෙරළේ ඇවිදින් ගියා කියල මතකයක් ඔහුට තිබුණා.සෝෆා එක ලඟම බිම වැටිල තිබුණ ෆෝන් එක අතට ගත්ත ශනුද් වෙලාව බලද්දියි ඇස් දෙකත් උඩ ගියේ...
"නවයයි......එච්චර වෙලා නින්ද ගියාද..."
කාමරය පිළිවෙලට හදල තිබුණා...මිහිරු හොටෙල් එකෙන් දහයට පිටත් වෙනවා කියල කිව්වත් ඔහුව අවදිකරේ නැති එක ගැන පුදුමෙන් වගේම තරහෙන් බාත්රූම් එකට ගියේ මිහිරු ඇති කියල හිතාගෙන. ඒත් බාගෙට ඇරුණු දොරත් අවට වෙනද නොතිබුණ පිලිවෙලත් දැක්කම ශනුද් ඉක්මනට ගියේ ෆෝන් එකට ලඟට.ශනුද් මිහිරුට කෝල් එකක් ගත්තා.මිහිරුගෙ ෆෝන් එකත් ඕෆ්.
"මාව දාලා ගියාවත්ද........මම ඊයෙ රෑ මොන පිස්සුවක් නැටුවද දන්නෑ..........මට මුකුත්ම මතකත් නෑනෙ"
ශනුද් කොණ්ඩෙත් අවුල් කරන ගමන් ආයෙත් මිහිරුට ගත්තත් ෆෝන් එක ඕෆ්.ශනුද්ට රෝස් ව මතක් වුනත් ගෙදරට ගත්තොත් කලබලයක් වෙයි කියල හිතුන නිසා ඒ අදහසත් අතහැරියා.
ඔහු කලබලෙන් දොර ඇරගෙන යන්න හදද්දිම ඩෝර් බෙල් එක රින්ග් වුණා.ඒත් එක්කම ආව හොටෙල් එකේ සේවකයෙක් ඔහු අතට කාර් කී එකක් දුන්නා.
"සර්.......මේ කී එක 107 රූම් එකට ගිහින් දෙන්න කියල කිව්වා"
"මේක කාර් කී එකක්නෙ...කවුද දෙන්න කිව්වෙ..."
"කිරන් සර් තමයි දුන්නෙ"
ඒත් එක්කම ෆෝන් එකට මැසේජ් එකක් ආවෙ සේව් නොකරපු නම්බර් එකකින්..
"දහය වෙද්දි කාර් පාර්ක් එකට එන්න.."
කවුද මේ............ඒ මිහිරු ද.....මොකක්ද මේ සෙල්ලම...........
හිතේ කුතුහලය එක්ක ඉක්මනින් ලේස්තිවෙලා කාර් පාර්ක් එකට යද්දි හරියටම දහයයි...ඒත් මිහිරු නම් පේන මානයකවත් හිටියෙ නැහැ.කලබලෙන් වටපිට බලපු ශනුද් එකපාරටම දැක්කෙ හිනාවෙවී ඉස්සරහට එන කේතකව.
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...