🍓විසිවෙනි ස්පර්ශය🍓

46 7 17
                                    


ශනුද් අවදිවුණේ මිහිරුගෙ කටහඬට. මිහිරු උදේම කෝල් එකක.ශනුද් ඇඳෙන් බැහැලා වොශ් එකක් දාගන්න බාත්රූම් එකට ගියේ අද යශෝදව බලන්නත් තියන නිසා.උදෙන් යශෝදව බලන්න ගියොත් හවස් වෙන්න කලින් ගන්දූවේ විලා එකට යන්නත් පුළුවන් වෙයි කියලයි ශනුද් හිතුවෙ.ශනුද් වොශ් එකක් දාගෙන එලියට එද්දි මිහිරු රූම් එකේ හිටියෙ නැතිවුනත් මිහිරු ශනුද්ට ඇදුමකුත් ඇඳ උඩ තියල ගිහින් තිබුණා.මිහිරු ගෙ ඇදුම් මෙහෙත් තියල තිබුණ නිසා දෙන්නටම ලේසි වුණා. මිහිරු අඳින ඇදුම් අඳින්න වෙන එක ගැන ශනුද්ටත් අවුලක් තිබුණෙ නැහැ.අත් දිග කලු ටී ෂර්ට් එකට දිග ට්‍රවුසර් එක ඇඳගත්ත ශනුද් කොණ්ඩෙත් හදන ගමන් කණ්ණාඩියට එබුණා. වෙනදට වඩා වෙනසක් මූණෙ තියනවා කියල ශනුද්ට හිතුනා.ලේස්ති වෙලා ඉවර වෙලා රෑ චාජ් වෙන්න තිව්ව ෆෝන් එකත් ගලවගෙන පහලට ආව ශනුද් වටපිට බැලුවෙ මිහිරු පේන්න නැති නිසා.ශනුද් කිචන් එකට යද්දි රේණුකා කිරි තේ හදල ග්ලාස් දෙකකට දාන ගමන් හිටියෙ.

"ගුඩ්මෝනින්...ශනුද් පුතා උදෙන්ම නැගිටලනෙ"

"අද මගෙ යාළුවා බලන්න උදෙන්ම යන්න හිතුවා"

"දැන් කොහොමද යාළුවට.මිහිරු මට කිව්වා යාළුවා ඇක්සිඩන්ට් වෙලා කියල"

"දැන් කකුලට බෙහෙත් බදිනවා කිව්වා"

"පාරෙ යද්දි එද්දී පරිස්සම් වෙන්න ඕන දැන් පාරෙ පයින් වත් යන්න අමාරුයි"

"ඇත්ත මාම්"

රේණුකා කිරි තේ පුරවපු ග්ලාස් එකකුත් ශනුද් අතට දෙන ගමන් අනිත් ග්ලාස් එක ටේබල් එකෙන් තිව්වා.ඒ එක්කම එතනට ආව තිසරු ග්ලාස් එකක් අතට අරගෙන එතනම වාඩිවුණා.

"මාම් අයියා කෝ"

ශනුද් අහන්න ඉඳපු ප්‍රශ්නෙම තිසරු අහද්දි ශනුද් ඔහු දිහා හැරිල බැලුවා. තිසරු ශනුද්ව ගනන් නොගෙනම කිරි තේ එක බොන ගමන් රේණුකා එක්ක කතා කරේ.

"අයියා කාර් එක ගන්න ගියා"

"ආ...ඊයෙ අයියා ඩෑඩ් එක්කනෙ ආවෙ"

කාර් එක ගන්න ගියා..ඒත් මට කිව්වෙවත් නැහැනෙ....

ශනුද් හිතන ගමන් ෆොන් එකේ බැලුවෙ මැසේජ් එකක් වත් දාලද කියලා.මිහිරු ශනුද්ට ඒ ගැන මැසේජ් එකක් දාලා තිබුණා.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now