ශනුද්ට ගයන්ත කියපු දේ ගැන ඇතිවුනේ පුදුමයක්.
"ඩැඩා....මමා අමාරුවෙන් ගොඩනගපු දේවල් එහෙම ලේසියෙන් එක පාරට විකුණල දාන්නෙ කොහොමද..."
මමා හැමදේම දියුණු කරේ එයාගෙම මහන්සියෙන්.මමා නැතිවුණත් මේ දේවල් ඉදිරියටත් පවතින්න ඕන...ඒත් ඩැඩා මේ හිතුව දේ හරිද........
"ගයන්ත ශනුද්ට කිව්වද විලා එක විකුණන්න ගත්ත තීරණේ ගැන"
කොහේදෝ ඉදන් මතුවුණ ගයා එහෙම අහද්දී ශනුද්ට ආවෙ ගයා එක්ක තරහක්.
"ඩැඩා මේ ගැන ආයෙත් හිතල බලන්න...."
එතකොට ගයා ද මේ දේවල් ඩැඩාගෙ ඔලුවට දාන්නෙ...ගයා ට කොහොමද එහෙම තීරණයක් ගන්න හයියක්...අනික මේ හැමදේම මමාගෙ දේවල්...එයා ආසාවෙන් ගොඩනගපු දේවල්.....ගයා මොනවද මේ කරන්න හදන්නෙ...
හොඳ මූණක් පෙන්නගෙන හිටියත් ඇය ගැන තාමත් හිතට පැහැදීමක් එන්නෙම නැත්තේ මමා ගෙ තැන අරගන්න හදන එක ගැන මට ඇතිවුණ තරහ නිසාම වෙන්න ඇති.......
හිතට ආව ආවේගයන් එක්ක ගයාව පහුකරගෙන ගිය ශනුද් මිහිරුව හොයාගෙන ගියේ මෙහෙ තවත් ඉන්න හිත දුන්නේ නැති නිසා.
~ ~ ~ ~ ♡ ~ ~ ~ ~
කදුළු පිරුණු ඇස් එක්ක රෝස් මිහිරු දිහා බලාගෙන හිටියෙ වචනයක් වත් නොකිය. මිහිරු ඇයව සනසන්න කොතෙක් උත්සාහ කරත් ඇයගෙ ඇස්වල කදුළු තාමත් පිරිලා.
"මට හිතාගන්න බැරි ගෙවින් ඔයාව ගනන් ගන්නෙ නැහැ කියල දැන දැනත් ඔයා ඇයි තාමත් පස්සෙන් යන්නෙ කියල"
"මට තේරෙන්නෙ නැහැ...මම ගෙවින් අයියට කැමති වුනේ ඇයි කියල මටවත් හිතාගන්න බැහැ"
"වෙඩින් එක දවසෙත් ඔයාලා එකට කතාබහ කරනව දකිද්දිත් මට සැක හිතුනා... එතකොටත් ඔයා ගෙවින් එක්ක යාළුවෙලා හිටියද"
"ගෙවින් අයියා අපේ ගෙදර ආවනෙ වෙඩින් එකට උදව් කරන්න...එතකොට අපි හැමෝම එකට වැඩ කරානෙ....මම කෙලින්ම එයාට කිව්ව මම කැමතියි කියල....ඒත් ගෙවින් අයියගෙ අකමැත්තක් තිබුණෙ නැහැ..ඒ නිසා අපි නිතරම වගේ මීට් වුණා"
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...