මොහොතකට හැඟීම් වලින් මත්වුනු මිහිරු ඔහුගෙ පාලනයෙන් ටිකෙන් ටික ගිලිහෙන්න පටන් අරන්.ශනුද්ගෙන් දැනෙන උණුහුමට මිහිරු ලෝභ වුන නිසාම තව තවත් ඔහුට ඉහලින් ඔහුගෙ ඇඟට බරවුනේ මූණට වැදෙන හුස්ම පොදවල් අස්සෙන්.ඒ ඇස් තිබුනෙම මිහිරුගෙ ඇස්වලට එබී ගෙන.අද ඔහු නිහඬයි.නිශ්චලයි.
ඔය ඇස් මාව පිස්සෙක් කරනවා ශනුද්......
ශනුද්ගෙ මූණට වැටුණු කොණ්ඩෙ අතින් පස්සට කරපු මිහිරු ඔහුගෙ නලලමත හාදුවක් තිව්වා.
"ශනුද්....................."
නිහඬව මිහිරුගෙ මූණ දිහා බලාගෙන ශනුද් හිටියෙ මිහිරුට වශී වෙලා වගේ බලාගෙන. මිහිරු ගෙ හඬ ඔහුට ඇසුනත් ඔහු හිටියෙ නෑසුනා වගේ.ආයෙත් ඒ මූණ මත ඇගිලි තුඩු හිමින් සීරුවට යද්දි ශනුද් ගැස්සිලා මිහිරුගෙ එහෙ මෙහෙ යන අත අල්ලලා නතර කරේ ක්ෂණයෙන්.
"ශනුද්.................."
"මම දෙයක් අහන්නද"
ශනුද් මොනවහරි දෙයක් හිතේ තියාගෙන ඉන්නව කියල මිහිරුට හිතුනෙ ශනුද් එහෙම අහද්දි.
"අහන්න"
"ඔයා ඇයි නිතරම මගෙ ඇස් දිහාම බලන්නෙ"
මිහිරුට ශනුද් අහපු දේට හිනා ගියා. මෙච්චර වෙලාවක් ශනුද් නිහඬව මේ ගැන හිතන්න ඇති කියල තේරුම් ගත්ත මිහිරු ශනුද්ගෙ කනට ලං වුණා.
"ඇස් දිහා බලනව විතරද දැක්කෙ"
රහසින් වගේ කනට කරල කියද්දි ශනුද් මිහිරුගෙ අතත් ගසල දාලා ඔරවල බැලුවෙ ඔහුට දැනුන ලැජ්ජාව වහගන්න වගේ.ආයෙත් ඔහුගෙ ඇස්වලින් ඇස් අහකට ගත්ත ශනුද් නිහඬවුණේ තව මුකුත් නොකියම.
"තරහ ගියා ද....හරි හරි මම කියන්නම්.... කෝ ඉතින්....මෙහෙ බලන්න..."
ශනුද්ට ඒ ප්‍රශ්නයට උත්තරේ ඕනමයි කියල දන්න නිසා ඒක මගහරිනවට වඩා උත්තරය දෙන්න මිහිරුටත් ඕන වුනා. ශනුද්ට දෙයක් ඕන වුණොත් ඒක ඕනම තමයි.ඒ දේ නොලැබෙද්දි තරහ ගත්තෙ අද ඊයෙක නෙවෙයි ඉස්සර ඉඳන් ඔහුගෙ මේ හැසිරීම මිහිරුට පුරුදුයි.
"බලනවකෝ ඉතින්...ගිනි පිඹින්නෙ"
හීනියට හිනාවක් ඇදුනු ශනුද්ගෙ මූණ මිහිරුට නොපෙන්වන්න කරපු උත්සායත් අසාර්ථක වුනේ මිහිරු ඔහුගෙ මූණ මිහිරුගෙ දිහාවට හරවලා ගනිද්දි.මූණට නොපෙන්නුවට නොකිව්වට මිහිරුගෙ හරහට කියන වචන වලට ශනුද් හරි කැමතියි.
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...