🍓දොලොස්වෙනි ස්පර්ශය🍓

39 7 0
                                    



ගෙවින් ශනුද්ගෙ ගෙදර දවල් වෙනකම්ම ඉඳල ගියේ ශනුද්ටත් කම්මැලි නිසා වගේම ඔහුටත් වෙන වැඩක් අද නොතිබුණ නිසා.ශනුද් ටී එකකුත් හදාගෙන ඇවිත් සෝෆා එකේ වාඩිවුනා.
ශනුද් ෆෝන් එකත් අතට අරගෙන යශෝදට කෝල් එකක් ගත්තෙ හරියටම අද ටිකට් කපයිද කියල අහල දැනගන්න.
ඒත් ෆෝන් එක තාමත් ඕෆ්.හදන්න දුන්න ෆෝන් එක තාමත් හදල නැතුවැති කියල හිතපු ශනුද් යශෝදගෙ අම්මට කෝල් එකක් ගත්තම තමයි දැනගත්තෙ අද දොළහට යශෝදගෙ ටිකට් කැපුව කියල.ඒ පණිවිඩෙත් ගෙවින්ටයි නවම්ටයි දුන්න ශනුද් කතා වුනේ යශෝදව ගෙදර ගිහින් බලල එන්න.

අද හොස්පිට්ල් එකේදි දැකපු අශ්වින් වගේම කෙනා අශ්වින්මද කියන සැකය ශනුද්ගෙ හිතේ තාමත් තියනවා.

අද කේතක අයියා ඉස්සරහට ආවෙ නැත්නම් ඇත්තටම ඒ අශ්වින් ම ද කියල බලාගන්න තිබුණා....අපරාදේ....... වෙලාවටම කේතක අයියත් එකපාරටම මතුවුණානෙ.............ඒත් අද කේතක අයියත් අමුතුයි.......එයාට මම ගැන සැක හිතුනද............

ඔහු ඒ ගැන හිතන ගමන් ටී එකත් බීල ඉවර කරල මග් එක ටේබල් එක උඩින් තියල ටීවි එකේ ගිය ප්‍රෝග්‍රෑම් එකට අවධානය දුන්නා.

~ ~ ~ ~ ♡ ~ ~ ~ ~

"උබ............"

මිහිරු කලබල වුනේ හදිසියේම ඔහු ඉස්සරහ මේ වගේ තැනක අශ්වින් ඉන්න එක ගැන තිබුන පුදුමය නිසා.අශ්වින් මිහිරුව හොයාගෙන ඇවිත්.හිතට ආව කේන්තියත් තදකරගෙන මිහිරු වටපිට බලන ගමන් අශ්වින් ට ලංවුණා.

"උබ මොකක්ද මෙතන කරන්නෙ"

"මම ආවෙ බඩී එක්ක කතාබහ කරල යන්න"

"මට උබ එකක් කතා කර කර ඉන්න තරම් ටයිම් එකක් නැහැ..අනික මට එහෙම උවමනාවකුත් නැහැ"

"හහ්........"අශ්වින් මිහිරු දිහා බැලුවෙ කටකොනින් හිනාවෙන ගමන්.

"උබට අනිවාර්යයෙන්ම උවමනාවක් ඇතිවෙයි...මෙන්න මේක බැලුවට පස්සෙ"

අශ්වින් මිහිරු ට ෆෝන් එකෙන් පෙන්නපු දේ දැක්කම මිහිරුගෙ මූණ වෙනස් වුණා වගේම කලබල වුණා.ඒත් ඔහු කලබල වුනා කියන්න අශ්වින් ට දැනෙන්න දුන්නෙ නැහැ.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now