🍓විසිඑක්වෙනි ස්පර්ශය🍓

36 6 6
                                    


ශනුද් ඩ්‍රයිව් කරන ගමන් කල්පනා කරෙත් කලින් වුන සිද්ධිය ගැන.කලින් දවස් වල වගේම ආයෙමත් ඇඟට අපහසුතාවයක් දැනෙන්න පටන් අරගෙන.ඒක කලින්ට වඩා වෙනස්. ඔලුව ඇතුලෙ දෝංකාර දුන්න හඬවල් එක්ක ශනුද් හිත ඇතුලෙන් ටිකක් ගැස්සුනා. ශනුද්ගෙ නිහැඬියාව එක්ක මිහිරු ඔහු එක්ක කතා කරන්න උත්සාහ කරා.

"ශනුද්...යශෝදගෙ ගෙදර මරුනෙ..ඉඩම ලොකුවට නැතිවුනාට තියන ටිකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන...එලවළු පලතුරු නැති එකක් නැහැනෙ....තව මං දැක්කා වතුර පීල්ලකුත් තිබුණා"

තවමත් ශනුද් කල්පනාවෙ.මිහිරු රින්ග් වෙන ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ පේන ජේන්ගෙන් එන කෝල් එක ආන්ස්වර් කරේ ශනුද් දිහා බලාගෙනම.

"කියන්න ඩෑඩ්"

"ආ හරි ඩෑඩ් මම කෝල් එකක් ගන්නම්"

මිහිරු ජේන් එක්ක කතාකරද්දි පියවි සිහියට ආව ශනුද් වටපිට බැලුවෙ බොන්න මොනවහරි ගන්න කඩයක් පේනමානෙක වත් තියද කියලා.

"මොනවද බලන්නෙ"

"බොන්න මොනවහරි ගන්න බැලුවෙ"

"අර ඉස්සරහ ග්‍රොසරි ශොප් එකක් නේද තියෙන්නෙ"

"ඔව්මයි...මම අරගෙන එන්නම් මොනවද බොන්නෙ"

"තියන මොනවහරි දෙයක් ගේන්න"

ශනුද් කාර් එක පාර අයිනෙන් නවත්තල පොඩි කඩයක් ඇතුලට ආවා. කඩේ ඉඳපු මුදලාලි ශනුද් දිහා අමුතුවට බලද්දී ශනුද් එතන තිබුන ෆ්‍රීජ් එකේ තියන බොන්න පුළුවන් දෙයක් බැලුවා.

"මොනවද බැලුවෙ මහත්තයා"

"බොන්න දෙයක් බැලුවෙ..කොකාකෝලා නැද්ද අන්කල්"

"ස්ප්‍රයිට් විතරයි තියෙන්නෙ"

"ආ කමක් නැහැ මේ දෙක දෙන්න"

"මහත්තයා මේ පැත්තෙ කෙනෙක් නම් නෙවෙයි වගේ"

"නැහැ..මම යාලුවෙක් බලල යන්න ආවෙ"

මුදලාලි ආයෙත් ශනුද්ගෙ මූණ දිහා බලන් හිටියෙ කලින්ම වගේම බැල්මක් දාගෙන.

"පවුලෙ කෙනෙක්ගෙන් ඈත් වෙන්න වුණාද"

"පවුලෙ කෙනෙක් "

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now