මම දන්නවා උබ මාව ආයෙත් පිස්සු වට්ටන්න හදන්නෙ...ඒත් උබට ලේසියෙන් මාව විනාශ කරන්න මම ඉඩ දෙන්නෙ නැහැ....
අශ්වින් ට මගෙ නම්බර් එක කොහෙන්ද... ඌට ඇත්තටම ඕන කරන දේ ශනුද්ව ද.. එහෙනම් ඇයි මට ශනුද්ව අයිතිකරගන්න දුන්නෙ........
මිහිරු රූම් එකේ එහාට මෙහාට කලබලෙන් ඇවිදින දිහා බලාගෙන දොර ගාව හිටියෙ කේතක.කේතක ඇතුලට ඇවිත් සෝෆා එකෙන් වාඩිවෙනවත් එක්කම මිහිරු ඔහුව දැකල කලබලයෙන් ඇවිත් කේතක ඉස්සරහින් වාඩිවුණා.
කේතක නලලත් රැලි කරගෙන බලාගෙන හිටියෙ."හොයාගත්තා.........."
කේතක පුදුමෙන් වගේ බැලුවෙ මිහිරුගෙ හැසිරීම නිසා.ඔහු ආයෙත් නැගිටල ආයෙත් කියවන්න ගත්තා.
"නැහැ........ඌට එච්චර හයියක් කොහෙන්ද........මාව විනාශ කරන්න බැහැ......මම ඉඩ තියන්නේ නැහැ....මටත් චාන්ස් එකක් ඕන.....ඇයි මටත් හොඳ කෙනෙක් වෙන්න බැරි......."
කේතක ඔලුවට අත් දෙකත් තියන් එහාට මෙහාට යන මිහිරුව උරහිසෙන් අල්ලල සෝෆා එකෙන් වාඩිකරා.කේතක වටපිට බලල මේස උඩ තිබුණ වතුර බෝතලයක් අරගෙන ඔහුට බොන්න දුන්නා.
"උබ ඉස්සරවෙලා සන්සුන්ව වෙයන්කෝ..."
ටිකක් සන්සුන් වුන මිහිරු ආයෙත් සෝෆා එකේ හරිබරි ගැහිල වාඩිවෙලා ලොකු කතාවක් කියන්න වගේ කේතකට ලං වුණා.
"මට කියපන්කෝ හදිස්සියේම මොකද වුනේ මට ඔෆිස් එකටම එන්න කියන්න තරම්."
"උබට මතකද මේ ලගදී මම කිව්වෙ වීඩියෝ එකක් ගැන"
"ඔව් මතකයි ඒ කවුද කියල අපිට හොයාගන්න බැරි වුණානේ"
"ඒ වෙන කවුරුත් නෙවෙයි ඒක එවපු එකා අශ්වින්....මාව විනාශ කරන්න ඉපදුණු එකා.."
"මොකක්..ඒත් එහෙම වෙන්නෙ කොහොමද"
සාක්කුවට අතදාලා පරණ ෆෝන් එක අරන් කේතක දිහාවට දික්කරද්දි කේතක ෆෝන් එක අතට අරන් ස්ක්රීන් එක ඔන්කරා. ඔහුට මිහිරුගෙ පරණ ෆෝන් එක මතක තිබුණා.
"නැතිවුණ ෆෝන් එකනේද"
"අද අශ්වින් ආවා මාව මීට් වෙන්න"
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...