රෝස් හරිම උනන්දුවෙන් ලේස්ති වුනේ මිහිරු ගෙ ගෙදර යන්න. ඉස්සර ඉඳන් තිබුන දැන හැඳුනුම්කම් නිසාම ඇයට ඒතරම් උනන්දුවක් එනව ඇති.
අතට අහුවුන ටී ෂර්ට් එකක් දාගෙන මාත් ඇඳගත්තා.ආසාවෙන් යන ගමනක් නොවුනත් ඩැඩා ට අපහසුතාවයක් ඇති නොවන විදිහට ලෑස්ති වෙලා පහලට එද්දි ගයා පහළට වෙලා බලන් ඉන්නවා. ගයා දිග ගවුමක් ඇදල හිටිය.ඇයව කවදාවත් ගවුමකින් දැකල නොතිබුණ නිසා වෙනසක් එක්ක ඇය දකිද්දි ඇයට ඒ ඇදුම හොඳට ගැලපෙනවා කියල හිතුණා. රෝස් ඇදල හිටියෙ මං වගේ සුදුපාට ටීෂර්ට් එකකට දිග ට්‍රවුසර් එකක්.හරියට ඇය මාව කොපි කරා වගේ.
හරියටම හත වෙද්දි අපි හැමෝම මිහිරු ගෙ ගෙදරට ආවා.හැමෝම අපි එනකම් බලන් ඉදල කියල ඒ මූණූවලින් පෙනුණා. මිහිරුගෙ අම්මා මාව හරි ආදරණීය ලෙස සුහඳව පිලිගනිද්දි ඇය ගැන හිතට ආවෙ පැහැදීමක්.මම ඇය එක්ක හිනාවුනා.මගේ හිනාව කවදාවත් දැකල නොතිබුණ නිසා වෙන්න ඇති ටිකක් වෙලා මගේ දිහා පුදුමෙන් වගේ බලන් හිටියෙ.ඒත් එක්කම පඩිපෙළ දිගේ පහළට ආව මිහිරු දැක්කම මගේ හිතේ තිබුණ පුංචි සතුටත් නැතිවෙලා ගියා.
සුහඳ කතා බහක් එක්ක කාලය ගෙවිල ගියා.ඒ අතරේ වැඩිහිටි අයගෙ කතා අස්සෙ ටිකක් කම්මැලි හිතුන නිසාම එලියට ඇවිත් එතන තිබුණ ලස්සන පොන්ඩ් එකක් ගාව නැවතුණා.පොන්ඩ් එක හරිම ලස්සනයි.එක එක පාට මාළු දිහා බලන් ඉන්නත් ආසයි.අවට වටපිටාව සිත් ඇදගන්නා සුළුයි... හැමදේම හරිම පිළිවෙලයි. එක ගානට කපල තිබුන පදුරු පේලිය තාප්පයක් වගේ. තද රතු පාට රෝස මල් යායක් ඈත කෙලවරක සරුවට වැවිලා තිබුණා. මිදුලෙ තිබුණ පහන් එලිය වැටුනු රෝස මල් කැපී පෙනුණා. මිහිරුගෙ ගෙදර ට්‍රැඩිෂනල් විදිහට හදල තිබුනෙ.පරම්පරාවෙන් පරාවට ලැබුන ගෙයක් වුනත් ඒක අද කාලෙට ගැලපෙන විදියට වෙනස් කරල තිබුණා.
"අයියා.......ඔයාට මෙහෙ හිතට ඇල්ලුවද"
"ඔව්......අපේ ගෙදරට වඩා මෙහෙ ගොඩක් වෙනස්"
"මේ රේණුකා ආන්ටිගෙ මහගෙදර සීයා නැතිවුනාට පස්සෙ එයාලා මෙහෙට ආවා...දැන් අවුරුදු පහක් වගේ...."
YOU ARE READING
ස්පර්ශ | BL | Ongoing
Romanceමගෙ ඇස් දිහා බලාගෙන අන්තිම පාරට කියන්න ශනුද්..... මම ඔයාට කරන්නෙ වැරැද්දක් නම් මම මේ හැමදේම නවත්වනවා...කියන්න.......ඔයාට මාව එපා ද......." - මිහිරු හිමංස ගජධීර "දන්නව...