🍓විසිපස්වෙනි ස්පර්ශය🍓

22 4 2
                                    


මිහිරු ශනුද්ට රූම් එකේ ඉන්න දීලා එළියට යන්න ආවත් මොහොතකට ආයෙත් ශනුද් ලඟම නැවතුනේ ශනුද් මොනවමහරි දෙයක් කියල ගත්ත අවසන් තීරණය වෙනස් කරයි කියන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ශනුද්ට හැමදේම හිතාගන්න බැරි බව මිහිරු දන්නවා.ගන්න අමාරුම තීරණය ගත්තත් ඉස්සරහට තමන්ට දරාගන්න පුළුවන් වෙයි ද කියන එක ගැන මිහිරුටත් හිතාගන්න අමාරු වුණා.

මේ හැමදේකම අවසානයක්නෙ ඔයාට ඕන වුනේ ශනුද්....මම ඔයා ඉල්ලපු සැනසීම දෙන්නම්....

මිහිරු ශනුද් දිහා බැලුවත් ඒ මූණෙ කිසිම හැඟීමක් පේන්න තිබුණෙ නැහැ.නිකම් බලාගෙන ඉන්න මූණක් විතරයි තිබුණෙ.

ඔයාගෙ හිත ඇතුලෙ මොනවද තියෙන්නෙ ශනුද්....ඔයා හැඟීම් හිර කරගෙන හැමදේම උඩින් මවල පෙන්නනවා....මේ තීරණය ගැන පසුතැවීමක් නැද්ද....ඔයා ඇත්තටම කැමති මගෙන් ඉක්මනට නිදහස් වෙන්නද....

තවත් ඉඳල තේරුමක් නැති තැන මිහිරු දොර ඇරගෙන රූම් එකෙන් එලියට ආවා.
පාර්ක් එක ගාවට යද්දි හැමෝම මිහිරු ශනුද් එක්ක එනකම් බලාගෙන.මිහිරු අපහසුතාවයට පත්වුණේ ශනුද් ගැන ඇහුවම මොනව කියන්නද කියල.ඒ ගැන හිත හිතම මිහිරු ඔවුන් ලඟට ලං වුණා.

"ඩෑඩ් ශනු......................"

"ආ....මේ එන්නෙ අපේ ගයිඩ්......"

මිහිරු ඒ එක්කම පිටිපස්ස හැරෙද්දි ශනුද් හිනාවෙවීම ඔවුන් ලඟට ආවා.ශනුද් මිහිරුව ගනන් නොගෙනම පසුකරගෙන ගිහින් නැවතුනේ රේණුකා ලඟ.මිහිරුට පුදුම ශනුද් ඉක්මනට ආපු එක ගැන. මිහිරුට මතක් වුනේ ආවට ඇදුමක්වත් ගෙනාවෙ නැහැනෙ කියලා.ඒත් ශනුද්ගෙ අතේ නම් බෑග් එකක් තිබුණා.

"අයියා ඇදුමක් ගත්තෙ නැද්ද"

"මම නාන්නෙ නැහැ ඒ නිසා ගත්තෙ නැහැ"

"අපරාදේ අයියා...ඔයා නාන්න...මම වැඩිපුර ශෝටක් ගත්තා ඒක දෙන්නම්..."

හැමෝම දිය ඇල්ලට කැලෑව මැදින් වැටුන කෙටි පාරකින් ලඟා වුනා.කෑලැව අස්සෙන් ඈතින් පොඩියට ගෙවල් පේන්න තිබුණා.. අහසත් වලාකුළු වලින් පිරිලා.. වැහිබර කාලගුණයක් නැති එක හැමෝටම සතුටට කරුණක් වුණා.

ස්පර්ශ | BL | OngoingWhere stories live. Discover now