3 Seconds - Chapter 1

1K 88 30
                                    

එදා තමයි HFS High School එකට අලුත් ලමයි ඇතුලත් කරගන්න දවස.ඒ වෙනකොටත් High school එකේ ප්‍රධාන ශාලාවම පිරෙන තරමට අලුත් ලමයින්ගෙන් පිරිලා.මේ තමයි කොරියාවේ හොදම high school එක.මේකට කෙනෙක්ට ලේසියෙන් එන්න හරි අමාරුයි.මොකද කොරියාවේ සල්ලිකාරයන් ඔක්කෝගෙම වගේ ලමයි ආවේ මේකට.ඉතින් තරගය කොහොමත් වැඩියි.ඒ වගේම තමයි මේකේ තිබුන පහසුකමුත් .ඒක ලොකු හේතුවක් තමයි ගොඩක් සල්ලිකාරයෝ එයාලගේ ලමයින්ව පිට රටවලට උගන්නන්න යවන්නේ නැතුව මේ scl එකටම එවපු.

Gm ලමයි,නවකයන් පිලිගන්න ප්‍රධාන රැස්වීම ආරම්භ කරමින් ප්‍රින්සිපල් කතා කරා.ඔයාලට අපේ පාසල ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ .ඒක නිසානේ අද ඔයාලා මේකට ආවෙත්.ඔයාලට දැන් ඉදන් තියෙන්න ඕනි අරමුණු දෙකයි .

1.හොදට ඉගෙන ගන්න එක
2.ප්‍රශ්න දාගන්නේ නැතුව ඉන්න එක.

අපේ ඉස්කෝලේ දිගටම කොරියාවේ අංක එක විදිහට තියාගන්න ඉස්කෝලේ ඉන්න කරදරකාරයෝ ඒ වගේම කිසි වැදගමකට නැති බූරුවෝ ඉස්කෝලෙන් අයින් කරන්න මන් දෙපාරක් හිතන්නේ නැහැ.ඒක නිසා අපේ ඉස්කෝලේ නමට හානියක් නොවෙන්න හැම වෙලාවෙම වැඩ කරන්න.හොදයි එහෙනම් මන් හිතනවා ඔයාලා මේ ටික හොදට මතක තියාගෙන වැඩ කරයි කියලා.අපි ඔයාලව clz වලට වෙන් කරලා ඇති.අදාල clz එක හොයාගෙන යන්න.
විදුහල්පති එහෙම කියලා එතනින් ගියා විතරයි ලමයි ඔක්කොටම විදුහල්පති කියපු දේවල් ගැන කතා කරන්න ගත්තා.සමහරුන්ට මේ නීති ගොඩක් තදින් කා වැදිලා තිබුනත් සමහරු ඒවා ගානටකටවත් ගත්තේ  නැහැ .ඔය නීති අදාල වෙන්නේ අපිට නෙවෙයි .දුප්පත් පවුල් වලින් ආපු අයට .ඒක නිසා අපි මොකටද බය වෙන්නේ .සල්ලිකාර පවුල්වල ලමයි සමහරුන්ගේ මතය වුනේ මේක.........................

ඒයි ඔයාලා දැක්කද අර කවුද එන්නෙ කියලා.A1 clz එක දිහාවට එන කඩවසම් තරුනයන් දෙන්නෙක් දිහාවට අත් දික් කරපු ගෑනු ලමයෙක් කෑ ගහපු පාරට අනිත් පන්තිවල ලමයිනුත් එලියට බැහැලා බැලුවේ මේ කවුද කියලා.ආව්.ඒ දෙන්නා මාර handsome .හරියට නිකන් idolලා වගේ.අනේ මේක නිකන් හීනයක් වගේ.ගෑනු ලමයි ටිකට ගොඩක් සතුටුයි.

ඔය YM එකේ Ceo ගේ පුතා Yuta.අපේ තාත්තත් ඕකේ වැඩ කරන්නේ.එතන හිටපු එක ලමයෙක් එහෙම කිව්වම අනිත් අයට නිකම්ම ආව් කියවුනේ YM එකේ සල්ලි මතක් වෙලා.පන්ති පහේම ලමයි Yutaයි Dkයි දිහා බලන් හිටියේ ආරාධිත අමුත්තෙක් පිලි ගන්නවා වගේ.Yutaටයි Dkටයි මේක අමුතු දෙයක් නොවුනේ දෙන්නම මීට කලින් මේ අ‍ත්දැකීම හොදට විදල තියෙන නිසා.Yuta පන්තියට ඇතුල් වුන ගමන්ම ගියේ ඉස්සරහම තියෙන ජනේලේ ගාවින් වාඩි වෙන්න හිතාගෙන.ඒත් Yutaට වාඩි වෙන්න හම්බුනේ නැහැ.මොකද එතන ඒ වෙද්දිත් කෙනෙක් අල්ලන් ,වාඩිත් වෙලා ඉන්නවා.එතනින් එයා නැගිටලා යයි කියලා Yuta හිතුවත් නැගිට්ටේ නැහැ .මෙතනින් නැගිටලා වෙන් තැනකට යනවා.තමුසෙට කන් ඇහෙන්නේ නැද්ද.Yuta ඒ කෙනාට කෑ ගැහුවත් ඒ කෙනා ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ.ඒ කෙනා පුටුවෙන් නැගිට්ටේ නැති පාර Yuta එයාගේ කොලර් එකෙන් අල්ලලා තල්ලු කරන්න යද්දිම කවුද කෙනෙක් Yutaව නැවත්තුවා.හා හා අල්ලන්න එපා.මිනිහා ඒ පුටුව ඇල්ලුවේ මටයි.කවුද මේ ආගන්තුකයා කියලා කට්ටිය බලපු ගමන් කට්ටියටම අදහා ගන්න බැරි වුනේ ඒ ඉන්නෙත් තවත් ලොකුම සල්ලිකාරයෙක් වුන Taeyong නිසා.Taeyongගේ පිටිපස්සට වෙලා හිනා වෙවී Lucas ටුත් බලන් හිටියේ මේ රන්ඩුව එයාට සතුටක් වගේ.wow.අපේ clz එකත් දැන් නිකන් idolsලා ඉන්න clz එකක් වගේ .handsome boysලා ගොඩයි.A1 clz එකේ ලමයෙක් A2 ලමයින්ට කිව්වා.
උඹ දන්නවනේ මට අයිති දේවල් අයිති මට විතරයි කියලා.එහාට පලයන්.ඉක්මනට මේක ඉවරයක් කරලා දාන්න හිතන් Taeyong එහෙම කිව්වත් Yuta අත් අරින පාටක් නැහැ .ඇයි උඹට බයේ මන් දැන් මේ පුටුව දෙන්න ඕනිද?එහෙම කියපු Yuta ,Taeyong එක්ක රන්ඩුවට යන්න හදද්දීම Dk එක පාරට නවත්තගත්තා.එපා බන්.අපි තාම ඉස්කෝලෙට ඇවිල්ලා පැයක් ගියේ නැහැ .පස්සේ අල්ලගමු.Yuta ඒ වෙලාවේ තමන්ව පාලනය කරගෙන වෙන පුටුවකට ගිහින් වාඩිවුනේ Dk පස්සේ අල්ලගමු  කියලා කියපු එක මතක් කරගන්න ගමන්.thanx ලමයි ඔයාලා ඔක්කෝටම අද අපි පෙන්නපු action film එක බලන්න ආවට .අපි ඔයාලට පස්සේ මීට වඩා action තියෙන එකක් පෙන්නන්නම්.මොකද මේ දෙන්නා ඉන්න තැන action films විතරමයි තියෙන්නේ.Lucas ,Yutaවයි ,Taeyeonවයි ලමයින්ට පෙන්නලා කිව්වා.  ඒක නිසා දැනට ඔයාලා වාඩිවෙලා වැඩක් කරගන්න.Lucas කට්ටියව වාඩි කරවලා Taeyongට පිටිපස්සෙන් වාඩිවුනා.මේ බන් පුදුමයි අරූ සද්දයක් නොකර ගියා.අනේ මන්දා අපිට වුන දේ.මන් හීන ගොඩක් තියන් මේකට ආවේ.මදැයි මන් මේ scl life එක romance movie එකක් වගේ වෙයි කියලා හිතුවා.දැන් අවුරුදු දෙකේම බලන්න වෙන්නේ action තමයි.lucas සුසුම් හෙලුවා.කවුරු දන්නවද බන් අරුත් මේකටම එයි කියලා.ශික් මන් දන්නවනම් මේකට එන්නෙත් නැහැ.Taeyong එහෙම කිව්වේ Taeyong ,Yutaට පොඩ්ඩක්වත් ආස නැති නිසා. Taeyong දන්නවා Yutaටත් ඒ වගේ තමයි කියලා.

Minju ඔයා කොහෙද අනේ මෙච්චර වෙලා ගිහින් හිටියේ.ඔයත් නැත්තේ හොදම වෙලා වලදි තමයි. Minju  පන්තියට ආපු ගමන් Umji ඇහුවා.principal එන්න කියලා තිබ්බ නිසා මන් ගියා පොඩ්ඩක් බලන්න.ඇයි මට ඔය තරමට මිස් වෙන්න මොකද වුනේ කියන්නකෝ.Minju ඇහුවා.අපේ clz එකේනම් නෙවෙයි හැබැයි එහා clz එකේ වුනේ.Umji ,minjuට කලින් එහා පන්තියේ වුන හැම දෙයක්ම කිව්වා.කොහෙවත් යන රස්තියාදුකාරයෝ දෙන්නෙක්ද කොහෙද ඔය වගේ පොඩි දේටක රන්ඩු කරන්නේ.Umjiගේ කතාව අහපු Minju කිව්වා.නැහැ Minju කට කතාවල විදිහටනම් දෙන්නම කාලෙක් ඉදන්ම තරහකාරයෝ.දෙන්නටම දෙන්නා පෙන්නන බැරිලු.හැබැයි මොනවා නැතත් දෙන්නම නිකන් idolsලා වගේ.ඔයා දන්නවද ඒ කට්ටිය කවුද කියලා .ඔතන groups දෙකක් තියෙනවා.එකක Taeyong තමයි leader .ආරංචි විදිහට එයාට ගොඩක් සල්ලි තියෙනවා.එයාගේ හොදම යාලුවා Lucas.අර famous modeling කරන කෙනා.එයාගේ අම්මයි තාත්තයිත් acting වලින් රටේ ලොකු තරු.එතකොට අනිත් group එකේ leader තමයි Yuta.එයාටයි Taeyongලටයි තියෙන්නේ එකම පවර්ස්.Yutaගේ හොදම යාලුවා තමයි Dk.එයානම් අනිත් තුන් දෙනාට වඩා ටිකක් හොදලු.මෙයාලා ඉස්සර ඉදන්ම ගොඩක් තරහලු.කවුරුත් මේකට හේතු දන්නෙ නැහැ .මෙයාලගේ කලින් ඉස්කෝලේ ගොඩක් ලමයි මේ group දෙකට බයයිලු.මොකද එයාලා එයාලට ඕනි විදිහටලු ඉස්කෝලේ හැසිරෙන්නේ.Umji මේ පොඩ්ඩ වෙලාවට හොයාගත්තු දේවල් ගැන අනිත් දෙන්නා පුදුම වුනා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔන්න මන් 1st chapter එක upload කරා.ඔයාලා කියවලා බලලා හොඳ නරක කියන්න.මන් හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා.💕💕💕💕💕💕

3 Seconds (Completed)Where stories live. Discover now